IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ලංවිමෙන් විදුලි බිඳවැටීම් වැලැක්වීමට ක්‍රියාමාර්ග

(යොහාන් භාසුර)


විදුලි සැපයුමේ ජාල ස්ථායිතාව ශක්තිමත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉක්මන් සහ දිගු කාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බව එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම මස 9 වැනිදා රටපුරා විදුලිය බිඳ වැටීම පිළිබඳව අවදානය යොමු කර මෙම ක්‍රියාමාර්ග ගන්නා බව ද එම මණ්ඩලය කියයි.

එම විදුලිය විසන්ධි වීම සහ අනාගත සිදුවීම් වලක්වාගැනීම සඳහා ඉක්මන් සහ දිගු කාලීන නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇති වූ සිද්ධියක් හේතුවෙන් පද්ධතිය පුරා ඇති වූ දෝෂයක් හදිසියේ ඇති විය.

එම කඩාවැටීම වන විට විදුලි ඉල්ලුමෙන් සියයට 50 ක් පමණ වූ මෙගාවොට් 800 ක් සූර්ය බලයෙන් ද, නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් මෙගාවොට් 470 ක් සහ ජල විදුලි බලාගාරවලින් මෙගාවොට් 130 ක් සපයා තිබූ බවත් එම මණ්ඩල කියයි.

සූර්ය විදුලි උත්පාදනය ඉහළ යෑම හේතුවෙන් විදුලි නිස්පාදනය සහ ඉල්ලුම අතර අසමතුලිතතාවක් ඇතිවීමෙන් පද්ධතිය අක්‍රීය වූ බව ද විදුලිබල මණ්ඩලය පවසයි.


මෙම තත්වයට විසඳුම් ලෙස කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන විසඳුම් දෙන බව ද පවසන එම මණ්ඩලය ලංකා විදුලිබල මණ්ඩල මෙවැනි දේවලින් මහජනතාව අපහසුතාවට පත්වන බව පිළිගන්නා බව ද පවසයි.



අදහස් (5)

ලංවිමෙන් විදුලි බිඳවැටීම් වැලැක්වීමට ක්‍රියාමාර්ග

solar Tuesday, 18 February 2025 09:12 PM

නිවාඩු දවස්වලට රන්ටැබේ තියන වතුර ටික රන්දෙනිගලට පම්ප් කරපියව්...සෝලා නවත්තන්නේ නැතුව.

:       1       19

රනේ Tuesday, 18 February 2025 10:16 PM

ගිය වසර 10-15 දි කරන්න තිබ්බ වැඩ නේද? පව් නොකර දැන්ම කරනවද?

:       3       9

W.S. Suranga Wednesday, 19 February 2025 07:55 AM

ඔව් ඉතින් ඔය වැඩේ ලංවිම කරන්නෙ නැතුව ලංගම කරන්නයැ. ඉක්මනට කරන දෙයක් කරන්න.

:       0       4

udara Wednesday, 19 February 2025 09:54 AM

මුන්ට සෝලා එක්ක පුදුම තරහක් නේද තියෙන්නේ , එකෙන් කොමිස් ගහගන්න විදියක් නැනේ, වෙන රටවල් මේවගෙන් වැඩ ගන්නකොට මුන් ඒවා කඩාකප්පල් කරන්නේ, මුන්ගේ ඉන්ජිනේරුකම් මොකටද මෙහෙම කැකිල්ලේ තීරණ ගන්න. සෝලා වල සපුම වැඩි උනානම් ඒක නිවාඩු දවස්වල් වෙන දෙකට යොදවන ආකාරය නෙමේ මුන් හිතන්නේ ඒක නවත්වන්නේ කොහොමද කියල

:       0       10

ranjith Wednesday, 19 February 2025 10:26 AM

පුනර්ජනනීය බලශක්තිය දියුණු කරන්න අකමැතිද? කොහොම හරි වැඩි මිලට විදුලිය අරං ජනතාවගේ පොකට් එකට කෙලින්න තමා විදුලි බල මණ්ඩලය හැමදාම උත්සාහය අපට තේරෙන විදියට.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 87 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 925 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2545 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site