
(අංජුල මහික වීරරත්න)
කම්කරු ක්ෂේත්රයේ සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දශක ගණනාවක සිට ශ්‍රී ලංකාව සමඟ විවිධ ක්ෂේත්‍ර වලට අදාළ දිගු කාලීන හා සුහද රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යන රුමේනියාව, විශේෂයෙන් ඉදිකිරීම්, නිෂ්පාදන, ආගන්තුක සත්කාර හා සේවා වැනි ක්ෂේත්රවල කුසලතා සහ අර්ධ කුසලතා සහිත ශ්‍රී ලාංකික ශ්‍රමික කාණ්ඩ අතර ප්‍රචලිත වෙමින් පවතින ගමනාන්තයක් බවට පත්ව තිබේ.
වර්තමානයේදී රුමේනියාවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධීක්ෂණය යටතේ බලපත්‍ර ලාභී පෞද්ගලික රැකියා නියෝජිතායතන මඟින් සිදු කරනු ලබයි.
කෙසේ වුව ද, ඉහළ යන ශ්‍රමික ඉල්ලුම හේතුවෙන් වඩාත් සංවිධානාත්මක හා තිරසර බඳවා ගැනීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීම යෝග්‍ය බව දෙපාර්ශ්වය විසින් හඳුනා ගනු ලැබ ඇති හෙයින්, පහත සඳහන් අරමුණු සහිතව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජන රජයේ රජය සහ රුමේනියානු රජය අතර කම්කරු ක්ෂේත්රයේ සහයෝගීතාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* ශ්‍රමික බඳවා ගැනීම් සහ කළමනා කරණය සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම.
* සදාචාරාත්මක සහ විනිවිදභාවයෙන් යුතු බඳවා ගැනීමේ පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම.
* සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් හා සුබසාධනය ආරක්ෂා කිරීම.
* දෙරටේ නිසි බලධාරීන් අතර නිරන්තර සාකච්ඡා සඳහා පහසුකම් සැලසීම.
* කම්කරු ක්ෂේත්රයේ තාක්ෂණික සහයෝගිතාව, කුසලතා පිළිගැනීම සහ ධාරිතා වර්ධනය වැඩි දියුණු කිරීම.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd