
(ටී.කේ.ජී.කපිල )
කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් , රුසියාවේ සහ එහි හමුදාවේ සිවිල් රැකියා සදහා ලබා දෙන බව පවසා , රුසියාවට යොමු කළ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු , එරට හමුදා සේවයට බදවා ගැනීමට තැත් කිරීමේ ප්‍රයත්නයක් වළකා ගෙන , ඉන් මිදී අද(03) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
ඔවුන් අතර ගම්පහ , මහනුවර , ගම්පොළ , රුවන්වැල්ල , ගාල්ල , මාතර , අකුරැස්ස යන ප්‍රදේශ වල පදිංචි හාඩ්වෙයාර් වල සේවයේ නිරත පුද්ගලයන් රබර් කිරි කපන පුද්ගලයන් මෙන්ම ශ්‍රී ලංකාවේ හමුදා සේවයේ නිරත වී සිටි පුද්ගලයන් ද සිටියහ .
මොවුන් මෙම සිදුවීම නිසා බියට පත් වී සිටි අතර එක් අයෙකුට රුපියල් දහහත් ලක්ෂ පනස් දහසක පමණ මුදලක් මෙම ගමන සදහා වැය වී ඇති බවත් ඔවුන් එම මුදල් , රැකියා නියෝජිත ආයතනයෙන් ආපසු ලබා ගැනීමට අදහස් කරන බැවින් , ඔවුන් මෙම රුසියානු ගමන පිළිබඳ අත්දැකීම් මාධ්‍ය වෙත පැවසීම , එම මුදල් ආපසු ලබා ගැනීමට බලපෑමක් විය හැකි බව පවසා , කඩිනමින් ගුවන් තොටුපොළෙන් පිට වීමට තැත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරක් පසුගිය දිනවල ඊශ්‍රායල් හමුදාවට යන්නත් හිටියා වගේ මතකයි.
මේ වංචනික රට රැකියා ආයතනකරුවන් අල්ලා ඔවුන්ට දැඩි දඬුවම් නියම කළ යුතුයි. එසේම මේ අගතියට පත් පාර්ශව වෙත ඔවුන්ගෙන් වන්දි ලබා දිය යුතුයි.