(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට, බිරිඳට සහ දරුවාට ද කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට අද(18) තහවුරු වූ බව කළුතර සෞඛ්‍ය විද්‍යාතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂකවරයෙකුට කොරෝනා ආසාදනයවීම හේතුවෙන් අද එම සැලසුම් අංශය තාවකාලිකව වසා එම සහකාර අධ්‍යක්ෂකවරයා සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයන් 40 කට ආසන්න සංඛ්‍යාවකට පී. සී. ආර්. පරීක්ෂණ කළ බව එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් 15 වෙනිදා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කමිටු රැස්වීමක් පවත්වා ඇති අතර එයට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඇතුළු දේශපාලනඥයන් ගණනාවක් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගි වී ඇත.
එම කමිටු රැස්වීම පැවැත්වෙන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා සහකාර අධ්‍යක්ෂකවරයා අසලම පුටුවක වාඩි වී සිට ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුර සඳහන් කරයි.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා බිරිඳ හා දරුවා කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා බන්ධුල ගුණවර්ධනගේ සහෝදරයෙක්ද..? ටිකක් සමානයි වගේ...
පාර්ලිමේන්තුවේ අනුමත කළ පැණිය දෙන්න.
මේ ස්වභාව ධර්මයේ දඬුවම්වල ආරම්භයද?
225ටම කොරෝනා හැදෙයි වගේ එහෙනම්...
පැණිය බොන්නේ නැතුව හකුරු කෑවා නම් කොරෝනා හැදෙන්නේ නැහැ...
මෙයත් මේසන් පැණිය බිව්වා නේද? කෝ මේ වෙද මහත්තයා ආගිය අතක් නැහැ වගේ..
කෝ තාම සර්ට කොවිඩ් දෙන්න කවුරුත් නැද්ද?
හොඳ පුවතක්...
අර දෙයියෝ දුන්නා කියපු වට්ටෝරුවට අනුකූලව හදලා බීව පැණිය වැඩකරලා නැද්ද ඇමතිතුමෝ?
රාජ්‍ය ඇමැතිතුමාගේ නම, වැඩිදියුණු කරගන්න නම් කාන්තාවන්, ළදරුවන්, පාසල්වලට දිනපතාම ගිහින් රෝගය පිළිබඳව වැඩිදුරටත් දේශනා පැවැත්වූවා නම් වැඩේ හරිම තමයි...
ධම්මික පැණිය දෙන්න...
ඔහුට තවදුරටත් වැඩියෙන් පැණිය දෙන්න.