
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුරේ ශික්ෂණ රෝහලින් බැහැර කෙරෙන සායනික අප ද්‍රව්‍ය නිසිපරිදි කළමණාකරනය නොකිරිමේ හේතුවෙන් තමන් දැඩි පිඩාවට පත්ව සිටින බවට ප්‍රදේශවාසිහු මැසිවිලි නගති.
අනුරාධපුර ශික්ෂණ රෝහල උතුරු මැද පළාතේ පිහිටි විශාලතම රෝහලයි. මෙම රෝහලින් දිනපතා බාහිර රෝගීහු දහසකට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබති. එසේම විශාල රෝගීහු පිරිසක් නේවාසිකවද ප්‍රතිකාර ලබති.
රෝහලින් බැහර කරන සායනික අපද්‍රව්‍ය රැසක් රෝහල් භුමියේ පිහිටි පල්දෝරැව අසලට බැහැර කිරීම හේතුවෙන් වැසි සමයේ එම අපද්‍රව්‍ය ජලය සමග ඒ අසල පදිංචි කරුවන්ගේ ගෙවතුවලට ගලායාමේ හේතුවෙන් ඔවුහු දැඩි පාරිසරික මෙන්ම සෞඛ්‍ය ගැටළු රැසකට මුහුණපා සිටිති.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසින්ගේ ඉල්ලිම පරිදි ගතහැකි ක්‍රියා මාර්ගයන් පිළිබදව සොයා බැලිම සදහා මහ සංඝරත්නයත් අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එන්.කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් අනුරාධපුර ශික්ෂණ රෝහල් භුමියේ පිහිටි කසල අංගනයේ නීරික්ෂණ චාරිකාවක නිරතවුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්වට තමයි , ප්‍රාදේශීය සභා, නගර සභා, පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ තියෙන්නේ. තමන්ගේ ගෙදර විතරක් පිරිසිදුවට තියාගත්තට මදි, පරිසරය අපිරිසිදු නම්. මේ පලවෙනි වතාවට ආපු ප්‍රශ්නයක් නොවී, මේවට දිගුකාලීන,ස්ථිර විසඳුම් තියෙන්න ඕනේ. එදා වේල උත්තර හරියන්නේ නැහැ. අනික රෝදේ හොයාගන්නවා වගේ අලුතින් හොයාගන්න ඕනේ නැහැ, මේවට ලෝකේ තියෙන උත්තර තියෙනවා කොච්චර උගත්තු ,මන්ත්‍රී ල හිටියත්,, ලංකාවේ තවම , විෂ සහිත බැටරි, පොලිතින්, මේ වගේ රෝහල් අපද්‍රව්‍ය කළමනාකරණයට වැඩ පිළිවෙලක් නැහැ.
පුංචි රටේ ජනගහනය විනාශ වෙනවා... උපත් පාලනයක් නැහැ... ලෝකය විශාල වෙන්නේ... තව වසර 50ක් යද්දි තත්වය තවත් බරපතලයි.