
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයකයකු රුපියල් ලක්ෂ 60 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
එම සැකකරු සමග හොරයින් මත්කුඩු ගෑම් 265 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 250 ක් මෙන්ම ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමට ලද තොරතුරකට අනුව මාලඹේ පොලිස් වසමේ හෝකන්දර දකුණ කුඩාදෙණිය පටු මඟ නිවසකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 58 හැවිරිදි පුද්ගලයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රස පරීෂා කරන්න ගෙනිහින් වෙන්ටැ…