
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා සෞදි අරාබියේ, රියාද් අගනුවරදී පැවැත්විණි.
ඇමෙරිකාව වෙනුවෙන් සාකච්ඡා සඳහා සහභාගී වූයේ, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ට්‍රම්ප් පරිපාලනයේ නියෝජිතයන්ය.
රුසියාව වෙනුවෙන් රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සහ රුසියන් රජයේ නියෝජිතයන් පිරිසක් සාකච්ඡා සඳහා සහභාගී වූහ.
සාකච්ඡා සඳහා යුක්රේනයට ඇරැයුම් කර නොතිබුණු අතර, එය යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ කනස්සල්ලට හේතුවක් වූ බව ද පැවැසෙයි.
එසේ වුවත්, සෞදියේ පැවැත්වුණු සාකච්ඡා සඳහා යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සහභාගී කර ගැනීමට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති පුටින් පැවැසූ බව ක්‍රෙම්ලීනය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
මේ අතර යුක්රේනය නොමැතිව, යුක්රේනය සම්බන්ධයෙන් ඇමෙරිකාවට හෝ රුසියාවට හෝ තනි තීරණයක් ගැනීම කළ නොහැකි බව ද යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අවධාරණය කර තිබේ.
යුක්රේන ජනාධිපතිවරයා දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ, සාකච්ඡා සඳහා යුක්රේනය පමණක් නොව, යුරෝපා රටවල නියෝජිතයන් ද සහභාගී කරගත යුතු බවය.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1469
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1315
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රුසියන් ඇමෙරිකන් නියෝජිතයෝ හමුවෙති