
(යොහාන් භාසුර)
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූවාය.
ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ මෙම සාකච්ඡාවෙදී අවධානය යොමු විය.
ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට රුවන්ඩාවේ අපේක්ෂාව පිළිබඳ මහකොමසාරිස්වරිය යළිත් අවධාරණය කළාය.
දෙරට අතර වෙළඳාම, ආයෝජනය සහ දැනුම හුවමාරුව පුළුල් කිරීම සඳහා ද්විපාර්ශවික සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිලිබඳව සාකච්ඡා කෙරිණ.
මෙම හමුවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අප්‍රිකානු කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් වරුණ විල්පත යන මහත්ම මහත්මීහු මෙම හමුවට එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
සංක්‍රාන්තික භූමි Wednesday, 05 February 2025 02:40 PM
ටිකක් මගේ සහකාරියගේ පෙනුමනේ මෙයාට තියෙන්නේ !
රම්බොඩ Wednesday, 05 February 2025 02:53 PM
මං බැලුවේ එකපාරම උගණ්ඩාවේ ද කියලා. එහෙම නම් අර හංගපු සල්ලි ගෙන්වා ගන්න තිබුණනේ. බැලින්නම් රුවන්ඩාවේ