
(සමන් පාලිත නානායක්කාර )
දෙහිඅත්තකණ්ඩිය මහියංගන ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද උදෑසන හොබරියාව ගුණරතනාරාම විහාරස්ථානය ඉදිරිපිට දී මාර්ගයෙන් ඉවතට පැන පදික වේදිකාවට කඩා වැදීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර පෙර පාසල් දරුවන් හතර දෙනකු ඇතුළු හය දෙනකු තුවාල ලබා ගිරාදුරු කෝට්ටේ රෝහල වෙත ඇතුළත් කළ බව ගිරාදුරු කෝට්ටේ පොලිසිය පැවසීය.
මහියංගණයේ සිට දෙහිඅත්තකණ්ඩිය දෙසට ගමන් ගත් මෝටර් රථයක් මෙසේ අනතුරට ලක්වී තිබේ.
පෙරපාසල් දරුවන් හතර දෙනකු ආබාධිත පුද්ගලයෙකු සහ කාන්තාවක් ද මෙම අනතුරින් බරපතළ තුවාල ලබා ඇතැයි ද පොලිසිය පැවසීය .රියදුරට නින්ද යාම මෙම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
රෝහල් කරා තුවාලකරුවන් රැගෙන යන අවස්ථාවේදී ඉන් තුවාලකරුවන් කීපදෙනෙකු සිහිසුන්ව සිටි බවද පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරන්ට නින්ද යෑම නිසා කොපමණ අනතුරු වෙනවද ? නින්ද යන රියදුරන්ට අවුරුදු 5 කට වත් ලයිසන් එක නැති කරන්න .
ෆෝන් එක අරන් ඇඳට ගිහින් ඒක කූරු ගගා පැය ගාණක් ගතකරලා නිදාගන්න උදවිය ඉන්නවා. එතකොට නිදාගන්න තියෙන වෙලාව අඩු වෙනවා. පසුවදා රිය පදවන්න තිබෙනවා නම් රාත්‍රී කාලයේ හොඳින් නිදාගන්න...