
(සමන් පාලිත නානායක්කාර )
දෙහිඅත්තකණ්ඩිය මහියංගන ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද උදෑසන හොබරියාව ගුණරතනාරාම විහාරස්ථානය ඉදිරිපිට දී මාර්ගයෙන් ඉවතට පැන පදික වේදිකාවට කඩා වැදීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර පෙර පාසල් දරුවන් හතර දෙනකු ඇතුළු හය දෙනකු තුවාල ලබා ගිරාදුරු කෝට්ටේ රෝහල වෙත ඇතුළත් කළ බව ගිරාදුරු කෝට්ටේ පොලිසිය පැවසීය.
මහියංගණයේ සිට දෙහිඅත්තකණ්ඩිය දෙසට ගමන් ගත් මෝටර් රථයක් මෙසේ අනතුරට ලක්වී තිබේ.
පෙරපාසල් දරුවන් හතර දෙනකු ආබාධිත පුද්ගලයෙකු සහ කාන්තාවක් ද මෙම අනතුරින් බරපතළ තුවාල ලබා ඇතැයි ද පොලිසිය පැවසීය .රියදුරට නින්ද යාම මෙම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
රෝහල් කරා තුවාලකරුවන් රැගෙන යන අවස්ථාවේදී ඉන් තුවාලකරුවන් කීපදෙනෙකු සිහිසුන්ව සිටි බවද පොලිසිය පැවසීය.
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රිය අනතුරින් අයෙක් මරුට: දරුවන් 4ක් ඇතුළු 6 ක් රෝහලට
ලුම්බිණි Tuesday, 03 June 2025 10:32 AM
රියදුරන්ට නින්ද යෑම නිසා කොපමණ අනතුරු වෙනවද ? නින්ද යන රියදුරන්ට අවුරුදු 5 කට වත් ලයිසන් එක නැති කරන්න .
ගුණරත්න Tuesday, 03 June 2025 12:53 PM
ෆෝන් එක අරන් ඇඳට ගිහින් ඒක කූරු ගගා පැය ගාණක් ගතකරලා නිදාගන්න උදවිය ඉන්නවා. එතකොට නිදාගන්න තියෙන වෙලාව අඩු වෙනවා. පසුවදා රිය පදවන්න තිබෙනවා නම් රාත්‍රී කාලයේ හොඳින් නිදාගන්න...