
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර,යාපනය ඒ9 මාර්ගයේ රඹෑව ගංගාරාම විහාරස්ථානය ආසන්නයේ පෞද්ගලික බස් රථයක් ත්‍රී රෝදයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටි සිදුවු අනතුරකින් යතුරු පැදිකරු මිය ගොස් ත්‍රී රෝද රථ රියදුරා බරපතල තුවාල ලබා අද (05)දින රෝහල් ගතකළ බව මිහින්තලය පොලිසිය කියයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මිහින්තලේ පාර ,රඹෑවේ පදිංචි ඉලංගසිරි විදානේලාගේ නිමල් සුභසිංහ(75) නැමති යතුරුපැදිකරු බව හඳුනාගෙන ඇතැයි පොලීසිය කියයි.
තුවාල ලබා ඇත්තේ ඉකිරිගොල්ලෑව,වහමල්ගොල්ලෑව පදිංචි 54 හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරෙකි. මියගිය අය යතුරු පැදියෙන් රඹෑව නගරයේ සිට මැදවච්චිය දෙසට යමින් සිටියදි ඒ දෙසින්ම පිටුපසින් වේගයෙන් පැමිණි පුද්ගලික බස් රථය යතුරු පැදිකරුද යට කරගෙන දකුණු පස මාර්ගයෙන් ප්‍රධාන මාර්ගයට පිවිසි ත්‍රී රෝදයේද ගැටි ඇති බව පොලිසිය කියයි.
සිද්ධියට සම්බන්ධ මඩාටුගම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි බස්රථ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බස් එළවන්නේ මන්ද මානසිකත්වයක් ඇති අය....ඒවායේ යන අයටයි. දෙගොල්ලන්ටම ජීවිතේ බලාපොරොත්තු අතහැර ගන්න වෙලා තියෙන්නේ.. වෙන රටක නම් මේ වගේ මිනිස්සු මැරෙද්දී, මේ ආයතන බලාගෙන ඉඳීද? කරුමක්කාර පාලකයින් ඉන්න රටක් මේක... අපි පවු ගෙවනවා.
බස් රියදුරන් තේරුම් ගන්න ඕනෑ පුංචි වාහනවල යන උදවියගේත් ආරක්ෂාව ඔවුන්ගේ වගකීමක් කියලා...
මහජනතාව නිතිය අතට ගැනීම සාමකාමී සමාජයක පැවැත්මට හොඳ නැහැ නමුත් මෙන්න මේවගේ තිරිසන් රියදුරන්ට නැවත එම රැකියාව කරගන්න බැරි තරමට සුදුසු දඬුවම් දෙන්න මහජනතාව පටන්ගන්න ඕන. එසේ නොකරන තාක් කල් මේ වගේ තිරිසන්නුන්ව සමාජයෙන් ඉවත් කරන්න බැහැ .