IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රනිල් අත්අඩංගුවට ගත්තේ පළිගැනීමකට නොවෙයි

(නිමල කොඩිතුවක්කු)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වීම කිසිදු පෞද්ගලික පළිගැනීමක් හෝ දේශපාලන පළිගැනීමක් හෝ ඒකාධිපති ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමක් නොවන බව විදෙස් සහ සංචාරක කර්මාන්ත අමාත්‍ය විජිත හේරත්  මහතා කොළඹදී අද(27) පැවසීය.

නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් මේ රටේ ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාවක් එමගින්  උදාවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමේදී ඔහු මේ බව පැවසීය.

  “ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වීම කිසිදු පෞද්ගලික පළිගැනීමක් හෝ දේශපාලන පළිගැනීමක් හෝ ඒකාධිපති ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමක් නෙවෙයි. ව්‍යවස්ථා ඒකාධිපතිත්වයකට යනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ඒ හරහා ඒකාධිපතිත්වයක් නිර්මාණය කළ යුතුයි. ඒවා අපි ඉතිහාසයේ දැක්කා. විසිවන සංශෝධනය සහ ඉන් පසු ඇති කරන ලද සංශෝධනයන් ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයන් දක්වා ගෙනයාමේ අරමුණු ඉලක්ක කර ගනිමින් වෙච්ච දේවල්. මේකෙ එවැනි දෙයක් නෙමෙයි.

මෙවැනි සිදුවීම් ගණනාවක් මේ දිනවල සිදුවනවා. රජයේ නිලධාරීන් දේශපාලනඥයන්ට කියලා තරාතිරම නැහැ. සැමට නිතිය සමානයි.  දැනට රජයේ නිලධාරීන් ලෙස කටයුතු කරන අයත් මෙවැනි චෝදනාවලට ලක්වෙච්ච අයටත් අදාළව නීතිය ක්‍රියාත්මක වෙනවා. නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් මේ රටේ ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා. එහෙම නැතුව ඊට අමතර කිසි දෙයක් මෙතන නැහැ. 

 



අදහස් (7)

රනිල් අත්අඩංගුවට ගත්තේ පළිගැනීමකට නොවෙයි

අන්_ර Wednesday, 27 August 2025 06:27 PM

නීතිය, අපේ කට්ටියට හැර, අනෙක් හැමෝටම සාධාරණව කරනවා. ඒකයි ඔය විජිත වචන පටලව පටලවා කියන්නේ.

:       26       68

යසපාල Wednesday, 27 August 2025 06:31 PM

අරගලය වෙලාවේ පාර්ලිමේන්තු බලය අල්ලාගෙන අපේ අරමුණට යන්න දුන්නේ නැත්තේ රනිල්. අපිට ඒක අමතක කරන්න බෑ සහෝදරයා...

:       23       56

ටිල්වින් සීයා Wednesday, 27 August 2025 06:46 PM

ව්‍යවස්ථා සංශෝධනයකට ගිහින් තනි පක්‍ෂ ක්‍රමයකට යන්න ලොකු උවමනාවක් තිබුණා. ඒත් පලාත් පාලන ඡන්දෙන් ලක්ෂ විසි ගානක් හැලුනට පස්ස ඒ අදහස අත්හැරියා. තුනෙන් දෙකකින් සම්මත කලත් ජනමතවිචාරණයෙන් කෙලවෙන නිසා.

:       22       55

යෝගා Wednesday, 27 August 2025 06:50 PM

සාක්කි සහිත චෝදනා තියෙන ඔයගොල්ලන්ගේ එක ඇමැතියෙක් හරි අත්අඩංගුවට ගන්න. එතකොට නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කරනවා කියලා ඔයා කියන බේගලේ පිළිගන්න පුලුවන්.

:       24       61

චමින්ද Wednesday, 27 August 2025 07:48 PM

අහෝ විජිත.එතකොට 88,89 දි රාජ්‍ය දේපල තොග පිටින් විනාස කරපුව,කප්පම් ගත්ත ඒව, හමුදාවෙ පවුල් මරපුව,සිවිල් මිනුස්සු මරපුව,ගිනිතියපුව jvp එකෙන් කලේ නීතියක් තිබිලද?? දැන් බලය ඔහේලගෙනේ .එහෙනම් ඒවට ඇයි පියවර නොගන්නෙ?? වසන්ත සමරසින්හ,මහින්ද ජයසින්හට කෝ ඔහෙලගෙ නීතිය? රනිල් සිරගත කරපු දෙයින් ඔහෙලා ලක්ශ ගානක් චන්ද නැති කරගත්තා

:       0       0

Nishan Thursday, 28 August 2025 06:47 AM

මෙයාලා හදන්නේ රටෙන් බාගයක් හිරගෙවල්වල දාලා නිදහසේ තමුන්ට ඕන විදියට රටේ පාලනය කරගෙන යන්න. මේ ක්‍රමය තියෙන්නේ කොමියුනිස්ට් රටවල. ටින් ටින් ළඟදී චීනෙට ගිහින් මේ ක්‍රමය ගැන හොඳ හැදෑරීමක් කරලයි ආවේ. අපි බලමු.

:       0       0

ව්පරමා Thursday, 28 August 2025 01:42 PM

මොලේ උඩ වහල්ලූ හිතාගෙන ඉන්නේ රනිල් අත්අඩංගුවට ගැනීම පැලවත්තේ නීතීය කියලා වෙන්ඩැ? මොනතරම් මෝඩයෝද? උසාවි, අල්ලස් කොමිෂම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය තියෙන්නේ මොනවාටද? රට හොරාකාලා විනාශ කරපු, ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු හැම දූෂිත දේශපාලුවෙකුටම නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි.

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31335 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13550 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 948 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site