
(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් රහස් පොලිසියට කැඳවා හිරිහැර කිරීම වැනි ක්‍රියා යළි සිදු නොවීමට වගබලා ගත යුතු බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය හමුවකදී අද (21) පැවසීය.
රනිල් වික්‍රමසිංහ තම සැත්කම සඳහා විදෙස්ගත වූයේ මෙරට කීර්තිමත් වෛද්‍යවරුන්ට යළිත් හිරිහැරයක් වනු දැකීමට ඇති අකමැත්ත නිසා යැයි ද ජී.එල්. පීරිස් මහතා කීය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී.එල්.පීරිස් මහතා මෙසේද පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගතව සැත්කමකට ලක්ව නැවත ලංකාවට පැමිණ කෙමෙන් සුවය ලබමින් සිටිනවා.රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත වූයේ ඇයිදැයි පසුගිය දිනවල මේ රටේ කථිකාවතක් ඇතිවුණා.අප රටේ ඉතා දක්ෂ වෛද්‍යවරුන් ඉන්නවා.එමෙන්ම දියුණු රෝහල් පහසුකම් තිබෙනවා.අපේ රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ආසියාවේ වෙනත් රටවල් වලින්ද රෝගීන් පැමිණෙනවා.එවන් තත්ත්වයක් තුළ රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට යාමට තීරණය කළේ ඇයි?
මේ ගැන ජනතාවගේ කුතුහලයක් තිබෙනවා.නඩු කෘත්‍යයකට අදාළ කරුණු සම්බන්ධයෙන් ව්‍යංගයෙන් හෝ ප්රකාශිතව කරුණක් පැවසීම වැරදියි.අධිකරණයට අපේ පූර්ණ ගෞරවය තිබෙන නිසා අප එවැනි දෙයක් කරන්නේ නැහැ.නමුත් ඊට පරිබාහිරව පුළුල් ප්‍රශ්න කීපයක් තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රතිකාර කළේ මේ රටේ ඉහළම පෙළේ විශේෂඥ වෛද්‍යවරුන් විසින්.එතුමා දැඩි සත්කාර ඒකකයේද සිටියා.විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනෙක් එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සහතික ඉදිරිපත් කළා.පසුව ඒ විශේෂඥ වෛද්‍යවරුන් සියලුම දෙනා සී.අයි.ඩී එකට කැඳෙව්වා.ඔවුන් චූදිතයන් බවට පත්වුණා.එම වෛද්‍යවරුන් දේශපාලන කටයුත්තකට කිසිසේත් සම්බන්ධ වූයේ නැහැ.ඔවුන් ඉටු කළේ වෘත්තීමය වගකීම් යුතුකම් පමණයි.නමුත් අවසානයේ ඔවුන්ට චූදිතයන් බවට පත්වීමට සිදුවුණා.
මේ රටේ අතිශය කීර්තියකට පත් වූ වෛද්‍යවරුන්ට අපහසුතා විඳින්න වුණා.
රනිල් වික්‍රමසිංහ මහතාට වෛද්‍ය ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ට හිරිහැර වනු දැකීමට එතුමා කැමැති වුණේ නැහැ.මේ රටේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන වෛද්‍යවරුන් හිරිහැරයට පත් කිරීම ඔවුන්ට කරන අසාධාරණයක් බව රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළා.එමෙන්ම වෛද්‍යවරුන්ගේ රක්ෂාව කරගෙන යාමට එය ලොකු බාධාවක් බවද රනිල් වික්‍රමසිංහ මහතා කල්පනා කළා.ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ලබා ගන්නවාට වඩා පිටරටකට ගිහින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සුදුසු බව ඒ නිසා එතුමා තීරණය කළා.
මෙවැනි තත්ත්වයන් නිසා කැපී පෙනෙන දේශපාලන චරිත වලට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට මේ රටේ වෛද්‍යවරුන් මැලි වෙනවා.මෙවැනි තත්ත්වයක් යළිත් මෙරට සිදු නොවීමට අප වග බලා ගත යුතුයි යනුවෙන්ද ජී.එල් පීරිස් මහතා කීය.
මෙම මාධ්‍ය හමුව සඳහා ජනාධිපති නීතිඥවරුන් වන උපුල් ජයසූරිය එස්.ටී.ජයනාග ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නදීෂ් ද සිල්වා මහත්වරු ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා දන්න කාලෙ ඉදන් සිංගප්පූරු ගියෙ. පච එපා ජීඑල්
ඔයාගේ බයිලා දැන් මාර්කට් කරන්න අමාරුයි සීයෙ.
අනේ ජිල් පප්පෝ ,දැඩි සත්කාර ඒකකයේ ඉන්නකොට කොහොමද දන්නේ නැහැ මිනිහ පොත් කියවා කියව හිටියේ
සිද්ධිය ඇත්තනම් එම නිළධාරින්ට ඉතාම ඉක්මනින් එම වෛද්යතුමන්ලාගෙන් ප්‍රතිකාර ගන්න ලැබේවා
රනිල් ඔච්චරටම වටිනවාද බන්. උබට පිස්සුද පීරිස්.
එතකොට ඔය හුඟ දෙනෙක් හෙම්බිරිස්සාවටත් මවුන්ට් එලිසබත් යන්නේ අපේ දොස්තරල ට අගතියක් වෙ නිසාද? ජීඑල් වගේ පට්ටාචාරියෙක් මෙහෙම ගොම හලනව දැක්කම අප්පිරියයි.
හොඳ විහිළු. සර්කස් එකකට යන්න.
අනේ බොල කිතුල් ගහට ගිය මිනිහටත් කියන්න දේවල් තිබුණ.ඒ වගේ උඹලගෙ ඇට නැති දිව ඕන අතකට හරවල කරපු හැම බලු වැඩක්ම සාධාරණීය කරනව.බයියො ඇරෙන්න මොළයක් බුද්ධියක් තියෙන එකෙක් නම් විශ්වාස කරන්නෑ.
සමහර කරුම ලේසියෙන් ඉවර වෙන්නේ නෑ. GL කියන්නෙත් ඒ වගේ එකක්. පෙට්ටියට යන්න ඉස්සර වෙලත් ඔහොම කරාවි
එහෙට මෙහෙට පැන පැන ඇමතිකම් ගත්තු බලලෝභියෙක්... තමුන්ගේ කෙරුවාවල් ගැනත් අපි හොන්දාකාරවම දන්නවා. ලැජ්ජයි....
හ්ම්, අතුරුදන් වෙලා ඉඳපු ඩෝබි ටික එළි බැහැලා. උඹලට ඉස්සරහට මේ ආණ්ඩුවේ මහා බැංකු හොරකමකුත් හෝදන්න වෙනවා. ටිකක් ලැස්ති වෙයල්ලා.