
(අංජුල මහික වීරරත්න)
රනින්ට විරුද්ධ පළිගැනීම දෙමළ ජනතාව ලෙස හෙලා දකින බව දෙමළ ප්‍රගතිශීලි සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ මාධ්‍ය හමුව අමතමින් පැවසීය.
සිකුරාදා දවස බලලා උසාවියට දාලා එතන ලයිට් නිවල දාලා සෙල්ලම් කරන්න එපා යැයි හිතවත් මිත්‍ර අනුර සහෝදරයාගෙන් ඉල්ලා සිටිනවා.දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා පක්ෂ බේද වලින් තොරව ඒකරාශී වී ක්‍රියා කළ යුතුව තිබෙනවා. මුලින් චෝදනා කළ මහ බැංකු වංචා වලට ක්‍රියා කරන්නේ නැත්තේ ඇයි.මේක අනිවාර්යයෙන් සීයට සීයක්ම දේශපාලන පළිගැනීමක් යැයි මනෝ ගනේශන් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරුණ කුමාරට මිත්‍රයා කියන්න එපා, එතකොට සෑහෙන්න තරහා යනවා
මහ බංකුවෙ ඒවත් එයි මන්ත්‍රී තුමා, ඔයාලාගේ පිළිවෙළට නොවෙයි කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිළිවෙළට...
ඒ කියන්නෙ සිකුරාදට උසාවි පැවැත්වීමට සහ සැරින් සැරේ තැන්තැන්වල ලයිට් යන එකට දෙමළ ජනතාව විරැද්ධයි කියන එකද?
ඔබගේ ගොන් කතා වලටයි ගොන් වැඩ වලටයි දෙමළ ජනතාව සම්බන්ධ කර ගන්න එපා, මොකටද ඔබව දෙමළ ජනතාව තමන්ගේ නායකයෙක් ලෙස කවදාවත් පිලි ගත්තේ නැහැ. ඉස්සරහට කොහොමටවත් පිලි ගන්න එකකුත් නැහැ.
නියම දෙමළ ජනතාව දන්නවා 1983 දී වැලිකඩ බන්ධනාගාරේ දෙමළ දේශපාලන සිරකරුවන්ට මොකද වුණේ කියලා..
එතකොට ඔබලා කියන්නේ, හිරේ ඉන්න හැමෝම නීතියට වැරදිකරුවන් නෙමෙයි , පළිගැනීමට ඇතුළට දාපු අය… විරුද්ධ, පක්ෂය කියන්නේ අපේ නීතිය පිළිගන්නේ නැහැ කියලා… මේ ගැන CID එකෙන් පරීක්ෂණයක් කරන්න… මුන් සෙරම ඇතුළට දාන්න රට බැංකුලොත් කළාට… ඔවුන්ගේ ආණ්ඩුව තියෙනකොට නීතිය හරි… දැන් වැරදි.
රටේ මුදල් අවභාවිතා කිරීමට දඩුවම් කිරීම පලිගැනීමක්‌ද තම්බි.
නීතී ගරුක සිෂ්ට සම්පන්න රටවල නීතීය කාටත් පොදුයි .වැරදි කළොත් දණ්ඩුවම් විදින්ඩම වෙනවා.මෙය අදිකරණය දුන් නිවැරැදි තීන්දුවක් ,බව ඉතාම පැහැදිලි .
පහුගිය දවස්වල ලපයයි, ගෝලයොයි තැන තැන කිය කියා ඇවිද්දා. එයාලා තමයි බංකොලොත් රට ගොඩ ගත්තේ... ණය ප්‍රතිව්‍යුහගතකරණය කලේ, පෝලිම් නැති කලේ, ඩොලර් සංචිතේ බිලියන 6 ට නැග්ගුවේ වගේ බොරු කතා. ඒත් ඒ බොරු මිනිස්සු පිළිගත්තේ නෑ. ඊට පස්සේ ඒවා කරපු නායකයාව හිරේ විලංගුවේ දාලා කට වහන්න හදනවා. මේ රස්තියාදුකාරයන්ට ඉඩ දෙන්න එපා. ඉඩ දුන්නොත් මේ රට ඉවරෙටම ඉවරයි 87-89 කාලේ වගේ....
ඒක හරි. පහුගිය මැතිවරණවල ඔප්පුවුණා. ඔබතුමාගේ ආසනේ නැති කරලා.
මාරයි....
ප්‍රාදේශීය සභා ඡන්දෙදී ඔප්පු වුණා දෙමළ ජනතාව මේ ආණ්ඩුවේ රැවටීමට කේන්තියෙන් ඉන්නේ කියලා. දෙමළ ජනතාව විතරක් නොවෙයි, දකුණේ සිංහල මුස්ලිම් ජනතාවත් තමුන්ව ඉතා දරුණු විදියට රවට්ටපු බව තේරුම් අරන් ඉන්නේ. ආණ්ඩුව පළාත් සභා ඡන්දේ තියන්න බයත් ඒකයි. විරුද්ධ පක්ෂය මර්ධනය කරන්නේත් ඒකයි...