(අජන්ත කුමාර අගලකඩ)
ලබන මස පළවැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට අනුව සේවයට කැඳවීමට රජය තීරණය කර ඇත.
මේ අතර පෞද්ගලික අංශයේ සේවකයන්ද ලබන මස පළවැනිදා සිට සාමාන්‍ය පරිදි කැඳවීම සඳහා අවසර දීමට ද රජය තීරණය කර තිබේ .
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී අද දහවල් පැවැති අතර ,කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්, සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්තුරු ද ,ප්‍රවහාන ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, අමාත්‍යාංශ ලේකම්වරුන් ,පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරිහුද බස් සංගම්, ත්‍රීරෝද සංගම් ඇතුළු සංගම් වල නියෝජිත පිරිසක් ද ඊට සහභාගි වූහ.
ඒ අනුව ලබන මස පළවෙනිදා සිට රාජ්‍ය සේවකයන් උදේ නවයට කැඳවීමට තීරණය කර ඇති අතර, පෞද්ගලික අංශයේ සේවකයන් උදේ දහයට කැඳවීම සඳහා අවසර දීමට ද තීරණය වූ බව වාර්තා වේ .
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට පැමිණීමට හැකිවන සේ දුම්රිය සහ බස් සේවා සෞඛ්‍ය ක්‍රමවේද වලට අනුව සමාන පරිදි ධාවනය කරවීමට ද එහිදී තීරණය වී තිබේ .
රාජ්‍ය සේවකයන් කැඳවීම සම්බන්ධයෙන් ව්ශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ළඟදීම නිකුත් කෙරෙනු ඇත .
මේ අතර රට සාමාන්‍ය පරිදි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද ඉදිරියේදී නිකුත් කෙරෙනු ඇත .
COMMENTS
Reply To:
-
කියන තරම් ලොකු ලොක් ඩවුන් එකක් තිබුන වගේනෙ කතාව. දැක්කෙ මාසෙක බස් ස්ට්‍රයික් එකක්.
අපේ රටේ තිබෙන ප්‍රවාහන පද්ධතිය එක්ක සියලුම සේවකයන් (රජයේ සහ පුද්ගලික) සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සේවයට කැදවීම ප්‍රයොගිකද?අපේ රටේ එහෙම කරන්න පුළුවන් ද? මෙයාල උදේ හවස කොච්චි ,බස් වල යන මිනිස්සුද? හවසට දැකල තියනවද දුම්රිය පොලවල්.බස් නැවතුම් වල ඉන්න සෙනග?විශේෂයෙන් කොළඹ...මේකෙන් වෙන්නේ තවත් රැල්ලක් ඇතිවෙන එක තමා...කරන්න තියෙන්නේ තව මාසයක් අත්‍යවශ්‍යම සේවකයන් විතරක් කැදවීම...ඒ වෙනකොට එන්නත්කරණයත් ගොඩක් ඉවර වෙලා තියෙයි...ඊට පස්සේ ටිකෙන් ටික වැඩි කරන එක...ආපහු මේක වක්කඩේ ඇරිය වගේ අරින්න හදන එකෙන් වෙන්න ආපහු අච්චාරුවක් වෙන එක
රට නැවත යතා තත්වයට එනතුරු පාසැල් රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන රට ගැන සිතා විවෘර්ත කරන්න
රට අරින්න වහලා තිබුනේ නෑ නේද
සියළුම සේවකයන් කැඳවන්න මුන්ට පිස්සුද අම්මපා.. ආයෙ ලොක් ඩවුන් එකක් බලාපොරොත්තු වන්න
පොදු ප්‍රවාහනය නම් ගැටළුවක් තමා. ඒ සඳහා යම් කිසි ක්‍රමවේදයක් ගැන කල්පනා කළොත් හොඳා. මොනව වුණත් රට දිගින් දිගටම වසා සිටීම කොහෙත්ම කළ නොහැකියි.
නියම සෙට් එක එකතුවෙලා ඉන්නේ තීන්දු තීරණ ගන්න .රටට අඹ සරණයි
තිබ්බ වගේම රාජය ආයතන ටික වහල තිබ්බනම් ඉවර්යිනෙ. ඔය කියන තරම් දෙයක් කරන්න බැහැනෙ, අන්තිමට පවුද්ගලින අංශයේ මිනිසුන්ට යන්න විදියක් නැතිවේයි. මොකද, රාජ්ය අංශය 9ට පටන් ගන්නව කියල එයාල 10ට ඒවි. මොකො හරවල යවන්නද. බොරු වැඩක් වෙවි කොහොමත් ඕකනම්. නිකමට බලන්න රජයෙ නිවාඩු කිව්ව ගමන්, දුම්රිය නැ. මොන අට මගුලක් කරනවාද කියල නොතෙරෙ. මහ ලොකුවට දුම්රිය මැදිරි ගෙන්නුවාට ඒවා මේ වෙලාවෙ අත්‍යවශ්‍යද ? කරන්නන් වාලෙ මගුල් කරනවා. දැන් පළවෙනිදා ඉඳලා සොරි වෙනවා ඉතින්