
(අංජුල මහික වීරරත්න)
මතුපිටින් පෙනෙන තත්ත්වයට වඩා විශාල විනාශයක් ගංවතුර සහ නායයාම් නිසා රටට සිදුව ඇති හෙයින් භාණ්ඩාගාර මුදල් වලින් පමණක් ව්‍යසනයට මුහුණ දිය නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ආපදාවෙන් පසු රට නැවත ගොඩ නැඟීම සඳහා සියලු දෙනා දායක කර ගැනීමට දිගුකාලීන ශක්තිමත් අරමුදලක් පිහිටුවන බව ජනාධිපතිවරයා කීය.
අදාල අරමුදල කළමනාකරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය සහිත රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයෙන්ද සමන්විත ඒකාබද්ධ කළමනාකරණ කමිටුවක් පත් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා කීය.
ආපදාවෙන් විනාශ වී ගිය මහාමාර්ග, වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් නැවත ගොඩ නැඟීම අරමුණු කරගෙන අරමුදල් සම්පාදනය කර ගැනීමට රාජ්‍ය - පෞද්ගලික අංශ ඒකාබද්ධ කරගත් මධ්‍ය කාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පෞද්ගලික අංශයේ ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීය.
ආකාර කිහිපයකින් අරමුදල් සම්පාදනය කරගත හැකි බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දේශීයව, විදේශගත ශ්‍රී ලාංකිකයන් මගින්, විදෙස් රටවලින්, ජාත්‍යන්තර සංවිධාන වලින් මෙන්ම ව්‍යාපාරික සංගම් මගින් එම අරමුදල් සම්පාදනය කර ගැනීමට අපේක්ෂා කරන බව කීය.
එම කාර්යයන් මූලික වශයෙන් පත් කර ගන්නා ලද කමිටුවට පැවරෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස, කුඹුරු, වගාබිම්, මහාමාර්ග, පාලම්, රජයේ ගොඩනැගිලි පාසල් සහ ඇතැම් ස්ථාන වල විදුලි කණු පවා බිද වැටී තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා විනාශ වූ මාර්ග පද්ධතිය විශාල ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතුව තිබෙන බව කීය.
ආපදාවෙන් විවිධ ක්ෂේත්‍ර වලට සිදුව ඇති හානිය සහ නැවත ගොඩනැගීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳ ලේඛනයක් සැකසීමට රජය ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර ඇතැයි ද ලෝක බැංකුව වෙත දැනටමත් පශ්චාත් ආපදා හානි ඇස්තමේන්තුව සකස් කිරිමට බාර දී තිබෙන අතර සති දෙකක් වැනි කාලයක් ඇතුළත එය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා කීය.
හේලිස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ, ජොන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්, එයිට්කන් ස්පෙන්ස් නියෝජනය කරමින් ආචාර්ය පරාක්‍රම දිසානායක, බ්‍රැන්ඩෙක්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර්,විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුප්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්වරු ද මීට සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 21
292
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
321
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1249
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
රටේ ප්‍රධාන ව්‍යාපාරිකයන් සමග ජනපති සාකච්ඡාවක
Suranga Monday, 01 December 2025 11:46 PM
තවත් ගජබින්න ඇද බාන්න හොඳේ. කියපු පච වලට තමයි පොලව පැලුනේ.