IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රජයේ සැප සැප වාහන ලබන මාසයේ සිට වෙන්දේසියේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රජයේ සියලුම සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේදී වෙන්දේසි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද පැවසීය

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සෙසු අයවැය යෝජනා මෙසේය.
1 ජාතික තීරු බදු ප්‍රතිපත්තියක්.
2 රටට නව රේගු පනතක්
3 ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කිරීමට පියවර
4 රජයේ ඉඩම් ඵලදායි කටයුතු සඳහා බදු දෙනු ලැබේ.
5  එක් ස්ථානයකින් සියලු සේවා ලබා ගැනීමට යාන්ත්‍රණයක්
6 ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියක්
7 වරාය බටහිර දෙක  සහ  උතුරු ව්‍යාපෘතිය සඳහා මාසයක් ඇතුළත  අභිලාෂ කැඳවෙයි.
8  වේයන්ගොඩට අභ්‍යන්තර බහාලුම් අංගනයක්.
9 වරාය බහාලුම් කළමනාකරණයට රුපියල් කෝටි පනහක්
10 ජනතාවට කඩිනමින් ඩිජිටල් හැඳුනුම්පතක්
11 ඩිජිටල් ආර්ථික අධිකාරියක්
12 මුදල් නෝට්ටු පරිහරණය අවම කිරීමට පියවර
13 ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනයට රුපියල් කෝටි 300ක් වෙන් කෙරේ.
14 තොරතුරු තාක්ෂණ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන පහක් දක්වා ඉහළ නැංවීම
15 සංචාරක ක්ෂේත්‍රයේ නව ගමනාන්ත හඳුන්වාදීමට පියවර
16 සංචාරකයන්ට  සංචාරක ස්ථාන වලට ඇතුළු වීමට  ඩිජිටල් ටිකට් පතක්.
17 කටුනායක ගුවන්තොටුපොළේ  දෙවැනි පර්යන්තය ළඟදීම ආරම්භ කිරීමට පියවර.
18 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවර්ධන බැංකුවක්
19 නවෝත්පාදන  පර්යේෂණ කටයුතු දිරිගැන්වීම සඳහා රුපියල් කෝටි 100ක්
20 ඇමැති  නිවසක් දූෂණ විරෝධී කාර්යාලයකට
21 රජයේ සියලුම සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේදී වෙන්දේසි කෙරේ.
22 ජනාධිපති මන්දිර හා නිල නිවාස ආර්ථික සහ මහජන සේවා සඳහා යොදවා ගැනීමට පියවර.
23 මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය මේ වසරේ ලබා නොදේ.  ඒවගේම වාහනද ලබා නොදීමට තීරණය කෙරේ.
24 රාජ්‍ය ආයතන වල අවශ්‍යතාව සමාලෝචනයට අගමැති ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්
25 ත්‍රිපෝෂ  වැඩසටහන සඳහා රුපියල් කෝටි පන්සියයක්
26 ගැබිණි මාතාවන් සඳහා ආධාර ලබාදීමට රුපියල් කෝටි 750ක්
 

 

 

 



අදහස් (6)

රජයේ සැප සැප වාහන ලබන මාසයේ සිට වෙන්දේසියේ

Asela Monday, 17 February 2025 11:56 AM

චින්තන රටාව පරීක්ෂා කර බලන්න. වහලුන් සතුටින් තබා ගැනීමට උපක්‍රමයක් පමණයි. රජයේ සේවකයින්ගේ රජයේ වියදම් අඩු කිරීමට හෝ නිෂ්ඵල රජයේ සේවාව කප්පාදු කිරීමට කිසිදු දිගුකාලීන සැලැස්මක් නොමැත. වරාය නගරය සඳහාවත් ආයෝජන සැලැස්මක් තිබේද?

:       62       21

ගුණරත්න Monday, 17 February 2025 12:19 PM

ඔය කිසි දෙයකින් රටට වැඩක් නැහැ. වෙනස කියන්නේ වැඩිහිටි දීමනා වැඩි කරන එක අනාත නිවාස සඳහා දීමනා දෙන එක නෙවෙයි, සල්ලි ප්‍රින්ට් කරලා හෝ පුළුවන් උන්ගෙන් පුළුවන් තරම් බදු ගහලා බෙදා හරින එකත් නෙවෙයි. මේකත් කලින් ආණ්ඩුවල අයවැය අතරත් කිසිම වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ ඉදිරිපත් කරන පක්ෂයේ විතරයි. ආර්තික ප්‍රතිසංස්කරණ අමාරුයි, නමුත් ඒවා තමයි අවශ්‍ය. ඔය තරම් බලයක් තිබියදීත් ඒවා නොකරනවා නම් මේ රටට දෙවියන්ගේම පිහිටයි

:       37       18

Hemantha Monday, 17 February 2025 02:21 PM

තවත් ජෙප්පෝ චූන් කරන එක නම් නවත්තලා නෑ

:       19       10

Pathirage Monday, 17 February 2025 02:43 PM

ඒක තමා වොක්ස්වැගන් කර්මාන්තශාලා නැහැ, මත්තල වගේ ගුවන්තොටුපළවල් යෝජනා කරලා නෑ, විදේශ ආයෝජකයෝ ආකර්ෂණය කරගන්ඩ කිසිම දෙයක් විකුණන්නෙත් නෑ. මහමෙලෝ රහක් නැති අය වැයක් නේහ්...

:       6       11

Kamal Koyrala Monday, 17 February 2025 03:29 PM

සියල්ල නොමිලේ දීම තමයි මේ රටේ අර්බුදය...

:       0       17

Kamal Tuesday, 18 February 2025 06:16 AM

කටින් පච කෝටියයි

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site