IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රජයේ මුද්‍රණාලයේ නිවාඩු අවලංගුයි



(සුජිත් හේවාජුලිගේ )

රජයේ මුද්‍රණාලයේ සියළුම සේවකයන්ගේ නිවාඩු පළාත් පාලන ඡන්ද විමසීම අවසාන වන තෙක් අවලංගු කරනු ලැබ ඇත.

පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා  නිලධාරීන් පැය 24 පුරා සීරුවෙන් සිටිය යුතු හෙයින් රජයේ මුද්‍රණාලාධිපති  ප්‍රදීප් පුෂ්පකුමාර මහතා මෙම තීරණය ගෙන ඇත.

එසේම රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාවද තර කරනු ලැබ ඇත. රජයේ මුද්‍රණාලය පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා ජංගම රථ සංචාර ක්‍රියාත්මක වන බව රජයේ මුද්‍රණාලාධිපති  ප්‍රදීප් පුෂ්පකුමාර   මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණයට  අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඊයේ ආරම්භ කෙරිණ. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයෝ 1200 ක් සේවය කරති.



අදහස් (0)

රජයේ මුද්‍රණාලයේ නිවාඩු අවලංගුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 424 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site