(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සඳහා දෙමහල් වානේ ව්‍යූහ ගබඩාවක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සඳහා දෙමහල් වානේ ව්‍යූහ ගබඩාවක් රත්මලානේ ඉදිකිරීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 10ක් ලැබී තිබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අවම ලංසුකරුවන M/s Dockyard General Engineering Services (Pvt) Ltd වෙත අදාල කොන්ත්‍රාත්ව පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්මලානේ ගබඩා ගහන්නේ ඔළුව උඩද? ඉඩ තියෙන්නේ කොහේද? ඉඩ ගන්නා හොඳම ක්‍රමය තමයි SPC කොටස අරගෙන ඒ අයව වෙන තැනකට ගෙනයන එක...