IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


රාජිත රජයේ සේවකයන් රඳවන “එන්” වාට්ටුවට

(සුජිත් හේවාජුලිගේ)

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැලිකඩ බන්ධනාගාරයේ එන් වාට්ටුවටද අතුරලියේ  රතන හිමියන්  ජී වාට්ටුවටද ඇතුළත් කර ඇතැයි  බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පැවසීය.

රිමාන්ඩ්  බන්ධනාගාර ගත කෙරෙන රජයේ සේවකයන් රඳවනු ලබන්නේ  එන්  වාට්ටුවේ බවද  ඔහු සඳහන් කළේය.

බන්ධනාගාර  වෛද්‍යවරු මේ දෙදෙනාගේම සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරමින් සිටිති.

අපේ ජන බලපක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් ඇහැරගෙන ගොස් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමියෝ  නුගේගොඩ මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය විසින්  ලබන 12 වැනිදා  දක්වා රිමාන්ඩ්  බන්ධනාගාර ගත කරනු ලැබූහ.

කිරින්ද ධීවර වරායේ  වැලි  කැණීමේ  ව්‍යාපෘතියක් කොරියානු  සමාගමකට ලබා දී රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ  යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාස දෙකකට අධික කාලයක් තිස්සේ අධිකරණය මගහැර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  අසංග එස් බෝදරගම මහතා විසින් ලබන මස 9 වැනිදා දක්වා රිමාන්ඩ්  බන්ධනාගාර ගත කරනු ලැබීය.



අදහස් (13)

රාජිත රජයේ සේවකයන් රඳවන “එන්” වාට්ටුවට

Siri Friday, 29 August 2025 07:20 PM

පැහැදිළිවම පළිගැනීමේ චේතනාව හෝ ආණ්ඩුව වැඩක් කොලා කියන සහතිකය ගන්න කරන උත්සාහයක්, ඉදිරියේදී විපක්ෂයේ තවත් දේශපාලනඥයන්ට එරෙහිව මොකක් හෝ චෝදනාවක් දාලා සිරගත කරාවි. අද දවසට විතරක් 4 දෙනෙක් පමණ රිමාන්ඩ් කළා.

:       124       137

කෞෂිFriday, 29 August 2025 08:03 PM

මෙන්න කෙඳිරි ගානවෝ...!...

:       118       101

The Three Idiots Friday, 29 August 2025 08:05 PM

කෙඳිරිගාන්න එපා කිව්වට ඇහිලා නෑ...

:       104       94

pakeerFriday, 29 August 2025 09:04 PM

රාජිත කියන්නේ සීයාද? වැරැදි නොකළා නම් හැංගිලා හිටියේ මොකටද? වැරැදි කළා නම් ඒක දවසේ 1000ක් වුණත් අත්අඩංගුවට ගන්නවා.

:       0       0

Perakum Friday, 29 August 2025 10:27 PM

ඔව් ඉතිං සිරිවගේ අයට දේශපාලුවා මොන වැරැද්ද කෙරුවත් ඌ හොඳයි.

:       0       0

කපුරුහාමි Friday, 29 August 2025 11:17 PM

තමුන් වැරදි කරපු බව හිත දන්න නිසානේ හැන්ගිලා උන්නේ, රටක අල්ලස් කොම්ෂම අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව,පොලීසිය ,උසාවිය අධිකරණය තියෙන්නේ වැරදි කළ වුන්ට විරුද්ධව ඉදිරිපත් කළ පැමිණිලි විභාග කරලා දණ්ඩුවම් දෙන්ඩ තමා. නීතීය කාටත් පොදුයි කියා පිළිගැනීමක් තියෙනවා.

:       0       0

පොඩිඑකාSaturday, 30 August 2025 09:38 AM

ඒවා ගරු අධිකරණ තීරන කියලා තේරුම් ගන්නවත් මේ මනුස්සයාට මොලයක් නෑ...

:       0       0

රනේ Saturday, 30 August 2025 07:10 AM

තුන්රුවන් බලයෙන් රතන හිමිට පන්සිල් රැකීමට සිත් පහළ වේවා..!

:       0       0

Nishan Saturday, 30 August 2025 07:28 AM

ඔප්පු කරගන්න බැරුව ඇප අරන් එළියට එනකොට කෙඳිරි ගාන්න එපා...

:       0       1

කව්ද බෝයි Saturday, 30 August 2025 09:57 AM

N - වාට්ටුවේ රාජිත, G - වාට්ටුවේ රතන, O - වාට්ටුවේ ලන්සාද?

:       0       0

ගමේ එකාලා Saturday, 30 August 2025 12:20 PM

වැරදි කරලා හැන්ගි හැන්ගි හිටියේ,දැන් කාලා වරෙන්කෝ, රාජිතයා මහින්දයාගේ දැත් සක්තිමත් කරන්ඩ ගිහින් ,තමුන්ගේ දෑත් සක්තිමත් කරගත්තු විදිය රටම දන්නවා.

:       0       0

fairoos Saturday, 30 August 2025 01:19 PM

රට මේ තත්වයට පත් කරපු හැමෝටම නිසි දඬුවම් ලැබේවි.

:       0       0

ශ්‍රි රාවන Saturday, 30 August 2025 10:19 PM

දැන් නියමයි කයිතංගේ රජය තවත් කයිතං කෙනෙක් පෙරලනවා බලාගන්න හැකියි. රාජිතගේ පුත්‍රයා වන චතුර තම පියාට හරිහැර කළොත් කයිතං රජය පෙරලන බවට කථාවක් පැතුරුවේය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 448 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16908 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 666 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site