IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රෝග තුනක් ගැන කතා කරන්න ගෝලීය අරමුදල සුව ඇමති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ගෝලීය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද පැවැත්විණි.

මෙරට ක්ෂය රෝගය සහ HIV-AIDS ප්‍රදාන ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ වත්මන් ප්‍රගතිය පිළිබඳව  මෙහිදී  සාකච්ඡා විය.

ගෝලීය අරමුදලේ නියෝජිත පිරිසේ මෙරට සංචාරයේ ප්‍රධාන අරමුණ වනුයේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  ක්ෂය රෝගය සහ HIV /AIDS රෝගී තත්ත්වයන්ට අදාළව ප්‍රදාන ක්‍රියාත්මක කිරීම සහ ඒ හා සම්බන්ධ ප්‍රගතීන් පිළිබඳව විමසා බැලීම වේ.

ඒඩ්ස් රෝගය, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීමට සහ සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමට සම්පත් ආකර්ෂණය කර ගැනීම, කළමනාකරණය කිරීම සහ බෙදාහැරීම යන අරමුණ ඇතිව 2002 දී ගෝලීය අරමුදල පිහිටුවිණි.‍ෙමෙම රෝග තුන වැලැක්වීම සහ පාලනය කිරීම සඳහා ගෝලීය අරමුදල මූල්‍ය සම්පත් ලබා දෙන අතර සුදුසුකම් ලත් රටවල සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කරන වැඩසටහන් සඳහා ද සහාය වේ.



අදහස් (0)

රෝග තුනක් ගැන කතා කරන්න ගෝලීය අරමුදල සුව ඇමති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 537 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site