
(තිලකරත්න දිසානායක)
කොළඹ - මහනුවර මාර්ගයේ, යක්කල ආයුර්වේදය අසල කොටසක් ගිලා බැසීමට ලක්වූ පාළමෙන් දෙපසට රථවාහන ධාවනය කිරීම සඳහා මංතීරුවක් විවෘත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි.
එම පාලමෙහි මධ්‍යයෙන් අඩි 20 කට අධික ගිලාබැස්මක් ඊයේ (30) සිදුවූ අතර එම මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා රථවාහන අතුරු මාර්ග ඔස්සේ ධාවනය කරවීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ පොලීසිය පියවර ගෙන තිබිණි.
පාලමෙහි ගිලා බැසීම සිදුවූ කොටස ස්ථිරව සකස් කරන තෙක් පාලම මතින් ඉතා අඩු වේගයකින් රථවාහන කරවීම පිනිස එම ස්ථානය සකස්කර ඇති බවත් එම ස්ථානය නිරීක්ෂණය සදහා මාර්ග සංවර්ධනය අධිකාරියේ සේවක මහතුන් යොදවා සිටින බවත් එම අධිකාරියේ ගම්පහ විධායක ඉංජිනේරු කසුන් ද අල්විස් මහතා, කළ විමසුමට පිළිතුරු දෙමින් පැවසීය.
පාලමෙහි ගිලා බැසීම සිදුවූ කොටස සකස් කිරීම පිනිස මාර්ග සංවර්ධන අධිකාරියේ පාලම් අංශයේ සහ ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ විශේෂඥයින් කිහිප දෙනෙකු පැමිණ පරීක්ෂාවන් සිදු කරන ලද බවත් ඉංජිනේරුවරයා සදහන් කළේය.
2025 නොවැම්බර් මස 21
292
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
321
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1249
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
යක්කල ආයුර්වේදය අසලින් එක් මං තීරුවක් විවෘත කරයි