IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මේ වසරේ වාහන ගේන්නේ මෙහෙමයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වාහන ආනයනය සඳහා ඩොලර් කෝටි 157ක් වටිනා ණයවර ලිපි (සැප්තැම්බර්16වන විට)  විවෘත කර ඇතැයි   වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ශානි අබේරත්න මහත්මිය රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී පැවසුවාය.

වාහන ආනයනයෙන් මේ වසරට රුපියල් කෝටි 46000ක් අපේක්ෂා කළ නමුත් එය කෝටි 70000ක් දක්වා වැඩිවන තත්වයක් පෙනෙන්නට ඇති බවත් මෙපමණ වාහන ප්‍රමාණයක් පැමිණේවි යැයි  බලාපොරොත්තු නොවූ බවත්  අබේරත්න  මහත්මිය කීවාය.

එසේම මෙම වසරේ සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඇමරිකානු ඩොලර් කෝටි 350ක් පමණ වනු ඇතැයිද  මෙහිදී අනාවරණය කෙරිණ.

මේ වසරේදී සංචාරකයන්  ලක්ෂ විසි හතරත් 25ක් අතර සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි. එහි අපේක්ෂිත ආදායම් ඉලක්කය ඇමෙරිකානු ඩොලර්  කෝටි 350කි.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (23) රැස්විය.



 

 

 



අදහස් (2)

මේ වසරේ වාහන ගේන්නේ මෙහෙමයි

ගුණරත්න Wednesday, 24 September 2025 06:40 PM

හදීසි කාරයොත් කහන සල්ලි තියෙන අයත් වාහන ගත්තාට පස්සේ ඉල්ලුම බහිනවා. මොකද ලංකාවේ වාහන විසික් කරන සංස්කෘතියක් නැහැ, වාහන කියන්නේ වත්කමක්. ඉතින් කෝටි ගණන් දීල ගත්තා වගේ නෙවෙයි මුදල් කරන එක. දැන්ම නෙවෙයි තව අවුරුදු දෙකකින් විතර ඕක තේරේවි.

:       2       3

අරවින්ද මොණරවිල Wednesday, 24 September 2025 06:43 PM

හර්ෂගේ ඉත්තෑවෝ දුවන්න පටන් ගන්න ඇති.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site