
(අංජුල මහික වීරරත්න)
තමා උපදෙස් දුන් ආකාරයට විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී පළාත් පාලන ආයතන පනහකට සීයකට පමණ තරඟ කළා නම් එම සන්ධානයට මන්ත්‍රී ධුර සැලකිය යුතු ගණනක් ගන්නට ඉඩ තිබූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
විශේෂයෙන් කොළඹට පමණක්වත් එවැනි දෙයක් කරන්නට තිබු බව කී රනිල් වික්‍රමසිංහ මහතා තමා කී පරිදි විපක්ෂය එකතු නොවූ නිසා ජනතාව දෙපැත්තකට ටොකු ඇන්න බව පැවසීය.
කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
අවුරුදු පහකට පසුව අප අලියා ලකුණ යටතේ තරඟ කළා.මෙය යම් ඇරැඹුමක් ලෙස සැලකිය හැකියි.සමහර ප්‍රදේශ වල අපේ ප්‍රතිඵල හොඳයි. සෑහීමකට පත්විය හැකියි.දැන් අලුතින් එක්සත් ජාතික පක්ෂය වැඩ කළ යුතුව තිබෙනවා. දැන් විපක්ෂය එකතු වී ජනතාවට යම් වැඩපිළිවෙළක් හඳුන්වා දිය යුතුයි.
මා මැතිවරණ ප්රචාරක වැඩවලට සහභාගී වූයේත් නැහැ. තරුණ නායකයන්ට මෙය කරගෙන යන්න බාර දුන්නා. මෙය යම් පරීක්ෂණයක්.හොඳ තැන් මෙන්ම අසාර්ථක තැන්ද තිබෙනවා.අප දැනට තිබෙන ශක්තියෙන් ඉදිරියට යන්නේ කෙසේදැයි සිතිය යුතුයි.
අලියා ලකුණින් ඉදිරිපත් වූ විට ජනතාව ඡන්දය දෙන්නට එන බව සමහරුන් කිව්වා.අලියාගෙන් ඉදිරිපත් වූවා කියා පමණක් ඡන්දය දාන්නට එන්නේ නැති බව දැන් පෙනෙන්නට තිබෙනවා. දැන් පක්ෂයේ අලුත් අය හඳුන්වා දිය යුතුයි. මේ පක්ෂය ගොඩනැගිය යුත්තේ අවුරුදු පනහේ- හතළිහේ අයයි.මෙතනින් පසු තරුණ පරපුර වගකීම් බාරගෙන ඉදිරියට යා යුතුයි. සජබෙටත් ගියපාර ලැබුන ඡන්ද ලැබුණේ නැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයේ බෙදීම ආණ්ඩුවට වාසි සහගත තත්ත්වයක් උදා කර ඇති වග පෙනුණත් මෙම ප්‍රතිඵල මඟින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවේ සැලකිය යුතු පසුබෑමක් ය. සී සී කඩ වූ විපක්ෂය හමුවේ ජාජබය කිසියම් ජයක් ලබා ඇතත් බොහෝ සභාවල බලය පිහිටුවීමට ඒ ප්‍රමාණවත් නොවේ. බොරුවට වැඩි ආයුෂ නැතැයි යන පැරැණ්නන්ගේ කියමන මොන තරම් සත්‍යය දැයි මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් තහවුරු වන්නේ. ඒ වාගේම සමාජ මාධ්‍යයේ සැරිසරන රජයේ සේදුම් බලකායට තම උත්සාහය තවත් වර්ධනය කර ගැනීමටත් සිදු වේ.
එතකොට ඔහේ පහුගිය ජනාධිපතිවරණය කුජීතෙටම පැරදුනේ, ඔහේ කියන දේ ඔහේම අහන්නෙ නැතුව වැඩ කරලද මුත්තේ?
එක දිගට ඡන්ද විසිගානක් පැරදිච්ච ‘ලොස්තාද්’ අනිත් අයට දිනන හැටි උගන්නනවා….! අනේ සකෝ බලලෝ කිව්වලු!
මේකට එක ඡන්දයක්වත් දිනාගන්න බැරිව, වටේටම ඡන්ද දිනනහැටි ගැන බණ කියනවා...
අර ඔයාගේ මාමණ්ඩිය කළා වගේ, ඡන්ද පෙට්ටි ටික ඉස්සුවා නම් ඊට ලේසියෙන් දිනන්න තිබුණා.
වත්සි ඔබලා මිනිස්සු නම් වෙන්න නම් බෑ. තනිකර ගොන්නු...
මාස හයක් ඇතුළත මාලිමාවේ ඡන්ද 24 ලක්ෂයක් හැලිලා. පාර්ලිමේන්තුවේ පඹයෝ 159ක් හිටියාට අලුත්ම ජනමතය අනුව ආණ්ඩුවට සරල බහුතර ජනතා කැමැත්තවත් දැන් නෑ. ඔහොම යංකෝ...!
අනේ සීයේ. දැන්වත් දේශපාලනයෙන් විශ්‍රාම අරගෙන ගෙදර යන්න. පතාක පක්ෂයක් බින්දුවටම වට්ටලා ලොකු ලොකු කතාත් කියන්න එන්නේ නැතුව නෙට්ෆ්ලික්ස් බලාගෙන ඉන්නකෝ .
ගම්වල තවමත් වහල්ලු ඉන්න බව පේනවා..
එතකොට ඔය විපක්ෂය කියන්නේ එකතුවෙලා රට බංකොලොත් කරපු කට්ටිය නේද? ඒ ගොල්ලෝ බලය අරගෙන ආපහු මොනවා කරන්නද?
රනිල් ජනාධිපතිතුමා කිවූ දෙය ඇත්ත, සමගි ජන බලවේගය දැනගන්න ඕනෑ... මේක තනි ගමනක් නොවෙන බව, එහෙම වෙලාවට කැපකිරීම් කරන්නත් ඕනෑ, ඒ මොකවත් නැතිව මම තමා හපනා වීරයා කියලා කෝටි ගණන් වියදන් කරලා ඡන්ද කළත් වැඩක් නැහැ. ගිය ඡන්දයේ රනිල් එක්ක එකතුවෙලා ඡන්ද කළා නම් අද සජිත් අගමැති, ඒත් තවම මොලේ පෑදිලා නැහැ...
එජාපෙයට රෙද්දේ ගිහිල්ලත් ඒකේ නායකයගේ කටේ උජාරුව. යූ ඇන්පියට නිවන් සුව පතමු.
මගේ පස්සේ ආවාට කමක් නෑ...
මං කිව්වේ, මං කිව්වේ, චව් චව්, මං කිව්වේ චව් චව්...
කතාව හරි අවුරුදු 40- 50 අයට ඉඩ දීලා අවුරුදු හැත්තෑව පැනපු වැඩ බැරි නාකි කාළකන්නි ගෙදර පලයව්...
ලොන්ඩරි යෝගා, හැලිච්ච ඒව ගනං කරන ජොබ් එකත් පටං අරං. දෙකට නැවිල බලන්න ඔහෙගෙ අහවල් එකත් හැලිලද කියලා!
මේකානම් පිස්සෙක් !!! අවුරුදු 40 ක් හැම චන්දයක්ම පැරදිලා ,දැන් අනිත් අයට උපදෙස් දෙනවා , මේ සතාව වහාම අංගොඩ පිස්සන් කොටුවට යවන්න.
වත්සි, අනේ ඔයා ඉන්නේ කොයි පළාතේද? පොත්ත රතට තියෙනවා නම්, මට තව එක වැස්සියක් වැඩි නෑ.
අනුන්ට දිනන හැටි කියවනවා. තමුන් හැමදාම පරදිනවා. අනේ පිනෝ?...
අපරාදෙ නේද? බලය අල්ලගන්න තිබ්බා මුහුදට ගියා නම්...
අනුන්ට උප්දෙස් දෙන්න කලින්. තමන් ගැන බලා ගන්න. තමන්ගෙ පක්ශයේ අයගේ මෝලේ හෙදුවට වැඩක් නැහැ. හැන්ද තියෙන්නෙ ජනතාව අතේ ඒකනේ තමන් පැරදුනේ. අනුර කුමාර ඉන්නෙ ජනාතව එක්ක. ඔය ලොකු කම්. කිසිම දෙයක් නැහැ. මේයලාරට කෙරුවේ. දිව්‍යලෝකෙන් ආපු විදියට පාවඩ එලාගන සැලුට් ගහගෙන හේවායෝ ආරක්ශකයෝ. මල් වට්ටි පෝලිමේ. අන්තිමට ගමේත් නැහැ. තවටික කලකින්කුරු ගනින්න වෙයි. වැඩේ පත්තු වෙනකොට.
ඒ කතාව හරි .කෝ අර්ජුන් මහේන්ද්‍රන් ?
මුත්තා හරියට ලංකාවේ ක්‍රිකට් මැච් එකක් පැරැදුණාම ගමේ ගොඩේ බයියලා කියන කතා වගේ කතා කියන්නේ...
දැන්වත් අර පක්ෂය කඩාගෙන ගිය කුමන්ත්‍රණ කාරයව අමතක කරන්න . කවදාකවත් නුගත් අසත්පුර්ශයන්ව එකතු කරගන්න උත්සහ කරන්න එපා . ඒක මේ රටට කරන විනාසයක් . ඔලුවේ තියෙන්නේ කාව මරාගෙන හරි රජ වෙන්න . ඒක රටට ඇති ආදරයක් නිසා නෙමෙයි . හැපිචෝල් ගතිගුණ . 'සසර වසනා තුරු අසත්පුරුෂයෝ හමු නොවේවා !' ලංකාවට එහෙම දෙයක් නොවේවා !
රනිල්ගේ පක්ෂය හොල්ලගෙන චණ්ඩියෙක් වගේ ඉන්න හේතුව තමයි, පක්ෂේ හරි පිරිමියෙක් නෑතිකම. දැන්ට පිරිමි පරපුරක් එම පක්ෂයෙන් පෙනෙන්නෙත් නෑ.
මෙය රටේ පාලන බලය වෙනස් කරන ඡන්දයක් නොවේ. තම පක්ෂය කුමක් වුවත් හිතවත්කම් නෑකම් හෝ වෙනත් හේතු මත වෙනත් අයට ඡන්දය දෙනවා. මෙවැනි ඡන්දයකදී පුරකාශ වන ඡන්ද ප්‍රතිශතය මෙය තමයි. මාලිමාව ලැබූ ඡන්ද සංඛ්‍යාව ඔවුන්ගේ ඡන්ද නොව මධ්‍යස්ථ ඡන්ද වලින් කොටසක් පමණි. මාලිමාව දිනවීම තුලින් ජනතා අභිලාෂය පෙන්වා දී ඇත. එබැවින්තතවමත් මාලිමාව මත විස්වාසය තබා ඇත. ඡ
අනේ සීයේ...ඉස්සෙල්ලා ඡන්දයක් දිනලා පෙන්නහං...
රනිල් රට ගොඩදාලා දුන්නු නිසා දැන් ඡන්ද ගැන කතාකරනවා. නැත්නම් ම්නිස්සු තාම තෙල්, ගෑස් පෝලින්වල කරන්ට් නැතුව ඉට්පන්දම් පත්තුකරන් බකන්නිලාගෙන...