(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අධි ආරක්ෂිත කලාපයේ පිහිටි ශ්‍රී ලංකා මහා බැංකුවේ මහල් 16 කින් යුත් පැරණි ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සවිකර තිබූ අකුණු සන්නායක පද්ධතියේ රුපියල් ලක්ෂ 42 කට ආසන්න වටිනා තඹකම්බි කපා සොරකම් කළ කොන්ත්‍රාත් සමාගමක සේවකයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය සඳහන් කරයි .
සැකකරුවන්ට එලෙස සොරාගත් තම කම්බි තොගයෙන් කිලෝ 30 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය මගින් සොයාගෙන ඇත. සොරාගෙන තිබූ තබ කම්බී දිගින් මිටර් 288 ක් බව පැමිණිල්ලේ සඳහන්ය.
ශ්‍රී ලංකා මහා බැංකුවේ කළමනාකරන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයෙකු ඉකුත් මස 27 වෙනිදින එම සොරකම සම්බන්ධයෙන් කොටුව පොලිසියවෙත එම පැමිණිල්ල සිදුකර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධමනි බ්ලොක්ගෙ වෙඩින් එකට ගිය යාලුවා ලංකාවට හොරෙන්ම ඇවිල්ල වගේ
හොරකමේ මහ මොළකරු කව්ද?
මෙයාලාගේ ඩිඑන්ඒ වල තියෙන්නේ හොරකම
එදා මහ බැංකු බැදුම්කර හොරුන් මෙම වටිනා සම්පත දෙකක නැද්ද? අපිට මේක අහිමි වුනා කියල දැන් රවී දුක් වෙනවා ඇති.
ඔය අකුණු සන්නායක පද්ධතියේ කම්බි කාපු... හොරු රංචුව එකට බැද, හොදට අකුණු ගහන වෙලාවක, එම ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ රූෆ් ටොප් එකේ තබා, අකුණු සන්නායකයක් හැටියට යොදා ගත්තොත්, මොවුන්ට හෙණ වදිනවා නියතයි.
ආරක්ෂක අංශයෙනුත් හොරුන්ට එම හොරකම කරන්න උදව් ලැබිලා තියෙන්න ඕනෑ.