IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහව -අ‘පුර දුම්රිය සංඥා නවීකරණයට ඉන්දියාවෙන් අත හිත

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යටිතල පහසුකම් අංශයෙන් ඇති හවුල්කාරිත්වය තවත් දැඩි කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තෙදින ඉන්දීය නිල සංචාරයේදී මහව - අනුරාධපුර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියක් ඉදිකිරිම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 14.9 ප්‍රදානයක් ඉන්දීය රජය ලබාදුන් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඊයේ(07) ප්‍රකාශ කළේය.

මෙරට මාධ්‍යවේදීන් පිරිසක් සමග ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවක් අතරතුර ඔහු මෙම අදහස් පළ කළේය.

පවතින ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව යාපනය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී සිසුන් 200 කට (එක් විශ්ව විද්‍යාලයකට සිසුන් 100 බැගින්) පූර්ණ ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක්ද ජනාධිපතිවරයාගේ තෙදින නිල සංචාරයේදී ප්‍රකාශයට පත් කෙරෙනු බව ඉන්දීය මහ කොමසාරිස්වරයා පැවැසුවේය.

වසර 5 ක කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන් 1500 ක් පුහුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමකටද නිල සංචාරයේදී අත්සන් තැබූ බව සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කළේය. එසේම ද්විත්ව බදුකරණය මග හැරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකටද ජනාධිපතිවරයාගේ තෙදින නිල සංචාරයේදී අත්සන් තැබූ බව ඉන්දීය මහ කොමසාරිස්වරයා පැවැසුවේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තෙදින ඉන්දීය නිල සංචාරයේදී ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සවිස්තරාත්මක සාකච්ඡාවක් පැවැත්වුණු බවද සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කළේය. එහිදී සම්පූර්ණ සහ ඵලදායී අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටි බව ඉන්දීය මහ කොමසාරිස්වරයා පැවැසුවේය.

 



අදහස් (2)

මහව -අ‘පුර දුම්රිය සංඥා නවීකරණයට ඉන්දියාවෙන් අත හිත

Lalla Thursday, 09 January 2025 10:51 AM

තලේමන්නාරම ඉන්දියාවට යාමට කරල ඉන්දීය දුම්රිය සේවය එක්ක එකතුව අපේ දුම්රිය සේවය දියුණු කලොත් ලංකාවට සංචාරක කර්මාන්තය මතින්ම ගොඩ එන්න පුළුවන් නේද. ඉන්දීය දුම්රිය අති විශිෂ්ට ලෙස දියුණු සහ මුලුමනින්ම ඉන්දීය එන්ජින් සහ මැදිරි භාවිත කරන්නේ.සියල්ල දේශීය විදුලි දුම්රිය වලට පරිවර්තනය කරගෙන යනවා.අපි තවම හැත්තෑ වසරක් පරණ කැනේඩියානු එන්ජින් හොඳයි කියල පාවිච්චි කරනව...

:       1       5

Nimal 1 Friday, 10 January 2025 05:35 AM

මෙය මාස කිහිපයකට පෙර ධාවන පථයේ පුනරුත්ථාපනය/වැඩිදියුණු කිරීම සමඟ සමගාමීව සිදු නොකළේ මන්ද? සංඥා පද්ධතිය දුර්වල නම් නවීකරණය කරන ලද ධාවන පථයේ ප්‍රයෝජනය කුමක්ද? ඊටත් වඩා වැදගත් වන්නේ අපගේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අප වෙනත් ජාතීන් මත යැපෙන්නේ ඇයි? අපිට අපේ දෙපයින් හිටගන්න බැරිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site