(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදයකින් තොරව ලබා දීම සඳහා කෙටිකාලීන පියවර වෙත අවදානය යොමුවී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (24) පැවැති සාකච්ඡාවකදී එම පියවර ගෙන තිබේ.
පළමු වසර සිසු සිසුවියන්ට වී ඇති මහපොළ දීමනාව ලැබීමේ ප්‍රමාදය අවම කරගැනීමට කෙටිකාලීන පියවර සහ අනෙකුත් වසරවල සිසු සිසුවියන්ට මහපොළ දීමනාව ප්‍රමාදයකින් තොරව දීමට ගතහැකි පියවර පිළිබඳව අවධානය යොමු වී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.
මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදය අවම කිරීමේ දිගු කාලීන වැඩපිළිවෙළක් ලෙස මහපොළ ශිෂ්‍යාධාරලාභීන්ගේ පරිගණකගත දත්ත පද්ධතිය නවීකරණය කිරීම සම්බන්ධයෙන් ද අවදානය යොමුවී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කරයි.
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මහපොළ ප්‍රමාදය වළක්වන්න පියවර