(අංජුල මහික වීරරත්න)
මහනුවර ජාතික රෝහලේ දැනට අතරමඟ වැඩ නැවතී ඇති ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 4කට අදාළව ඉදිකිරීම් කටයුතු යම් ප්‍රමාණයකින් හෝ අවසන් කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 1500 ක මුදලක් මෙම වසරේ වෙන් කිරිමට සැලසුම් කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ මහනුවර ජාතික රෝහලේ අතරමඟ වැඩ නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ඉදිකිරීම් කටයුතු සොයා බැලීමට එක්වෙමිනි.
ඒ අනුව මහනුවර ජාතික රෝහලේ නව පිළිකා වාට්ටු සංකීර්ණය (New Cancer Complex), තැලසිමියා වාට්ටු සංකීර්ණය (Bone Marrow Transplant Unit), හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය (Accident & Emergency care unit), වෙන් කළ යුතු රෝගීන් වෙනුවෙන් ඉදිකෙරෙන වාට්ටු සංකීර්ණය (Isolation Ward Complex) යන ව්‍යාපෘති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු විධිමත් සැලැස්මකින් තොරව සහ විවිධ ලැදියාවන් මත විවිධාකාර ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බවත් ඒවා මේ වන විට රෝහල් පද්ධතියට දරාගත නොහැකි ඉදිකිරීම් වී ඇති බවත්, මෙලෙස අවිධිමත් කටයුතු ආරම්භ කර තිබීම රජයටත්, සෞඛ්‍ය සේවාවටත්, රටටත් විශාල බරක් බවට පත්ව තිබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
කෙසේ වුව ද, ව්‍යාපෘති ආරම්භ කර තිබීම හේතුවෙන් එහි නිමාවක් දැකිය යුතු බවත් එබැවින් සිදු කරමින් පවතින ඉදිකිරීම් කටයුතු යම්තාක් මට්ටමකට හෝ අවසන් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසී ය. මහනුවර ජාතික රෝහල සඳහා සකස් කර ඇති සැලැස්මට අනුව අවශ්‍ය කරන අනෙකුත් මුදල් ප්‍රතිපාදන ක්‍රමණුකූලව ඉදිරියේ දී වෙන් කිරීමට සැලසුම් කරන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මහනුවර රෝහලේ නතර වුණු වැඩ අරඹන්න කෝටි 150ක්