IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මාස 8ට ගිනි අවි 352ක් අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි)

ජනවාරි මාසයේ 1 වැනිදා සිට ඊයේ (28) දක්වා ගතවූ මාස 8 ට ගිනි අවි 352ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් කුමාර මහතා පැවැසීය.

ඒ අනුව ටී 56 ගිනි අවි 57 ක්, එස්.එම්.ජී. 2 ක්, පිස්තෝල වර්ගයේ ගිනිඅවි 57 ක්, රිවෝල්වර් 33 ක්, රිපීටර් 5 ක්, බෝර 12 ගිනි අවි 160 ක් සහ ගල්කටස් වර්ගයේ ගිනි අවි 38 ක් අත්අඩංගුවට ගෙන ඇති බව රුවන් කුමාර මහතා කීය.

වෙඩි තැබීමේ සිද්ධි සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවන් 36 ක්, යතුරුපැදිකරුවන් 25 ක් මේවන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට අමතරව පහරදීම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් 47 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ද අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා කීය.

එමෙන්ම සංවිධානාත්මක අපරාධ සදහා ගිනි අවි ප්‍රවාහනය කිරීම, ඔත්තු බැලීම ඇතුළු විවිධ ආධාර අනුබල දුන් සැකකරුවන් 230 ක් අත්අඩංගුවට ගෙන ඇති බවද රුවන් කුමාර මහතා පැවැසීය.



අදහස් (1)

මාස 8ට ගිනි අවි 352ක් අත්අඩංගුවට

fairoos Saturday, 30 August 2025 01:16 PM

මේවා කොහොමද මේ අයගේ අතට පත් වුණේ කියලා හොයලා බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 460 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16941 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site