
(ජේ.ඉඳුරුවගේ)
කොළඹ සිට ගාල්ල බලා ගමන්ගත් දුම්රියක බෙන්තොට දුම්රිය ස්ථානය අසලදී ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ 39 හැවිරිදි මවක සහ ඇයගේ හය හැවිරිදි පුත්‍රයා බෙන්තොට රෝහලට ඇතුළත් කළ බව බෙන්තොට පොලීසිය පැවසිය.
බෙන්තොට වෙරළේ ඊයේ (31) රාත්‍රියේ පැවති මල් වෙඩි සංදර්ශන නැරඹීම සඳහා පවුලේ අය සමග පැමිණ ආපසු නිවෙස වෙත යමින් සිටි බෙන්තොට ඉහල මාලවල පදිංචි මෙම මව සහ පුත්‍රයා අනාරක්ෂිත තැනකින් දුම්රිය මාර්ගය හරහා මාරුවීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය කියයි.
මෙම අනතුරින් තුවාල ලද හය හැවිරිදි දරුවාගේ වම් අතේ වැලමිටට පහළින් වෙන්වී තිබූ කොටස සුරක්ෂිතව බෙන්තොට රෝහලට බාරදුන් බව පොලීසිය පැවසීය.
මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු මව හා පුත්‍රයා කළුතර නාගොඩ රෝහලට මාරුකළ බව බෙන්තොට රෝහල් ආරංචිමාර්ග පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මාටත්, පුතාටත් ඉක්මණින් සුවය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. දරුවාගේ ආශාව නිසා මල් වෙඩි පෙන්වන්න එක්කගෙන එන්න ඇති. පව් අසරණ අම්මයි පුතයි. මේ දෙදෙනාගේ ජීවිත රකින්නට වෛද්‍ය උතුමන්ලාට යෝධ ශක්තිය ලැබේවා!! තෙරුවන් සරණයි !! සියලු දෙවියන් මේ දෙදෙනාගේ ජීවිත ආරක්ෂා කරත්වා!!