
(අංජුල මහික වීරරත්න)
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහිදී බිම් මෙහෙවර සේවා සැපයීම සඳහා දැනට පවතින කොන්ත්‍රාත්තුව 2025-06-30 දිනෙන් අවසන් වීමට නියමිතය.
එබැවින් ඉදිරි වසර 3 ක කාලය සඳහා බිම් මෙහෙවර සේවා සපයන්නෙකු තෝරා ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා තිබේ.
ඒ සඳහා ඉදිරිපත් ව තිබූ ලංසු හතරක් සමාලෝචනය කිරීමෙන් අනතුරුව Dnata Airport Services Pty Limited වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇත.
ඒ අනුව මෙල්බර්න් ගුවන් තොටුපොළෙහි ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ (ගුවන් මගීන්, භූමි සේවා සැපයීම් සහ භාණ්ඩ ගබඩා හසුරවාලීමේ) කොන්ත්‍රාත්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් 13,124,402 ක සමස්ත ඇස්තමේන්තුගත පිරිවැයකට එකී සමාගම වෙත පිරිනැමීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
ගුණරත්න Wednesday, 23 April 2025 08:32 AM
ගුවන් සේවාවේ බිම් මෙහෙවර සේවා කොන්ත්‍රාත් ගැන අමාත්‍ය මණ්ඩල තීන්දු! මේවා විහිලු නෙවෙයිද_
අරවින්ද මොණරවිල Wednesday, 23 April 2025 11:11 AM
හරි හමන් ආණ්ඩුවක් දැකලා නැති ගුණරත්නලාට ඕවා මැජික් වගේ ඇති, එහෙම කරන්නේ නැතුව ගුණරත්න කියන්නේ රාජපක්ෂ වික්‍රමසිංහ හොර කල්ලි කෙරුවා විදිහට අත යටින් ගානක් අරගෙන තමන්ගේ එකෙක්ට දෙන්න කියලාද? ළඟ...
ගුණරත්න Wednesday, 23 April 2025 04:02 PM
මොනරවිල මහත්තයා, ඔය වගේ තීරණ ගන්න තමයි ව්‍යාපාරයක සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඉන්නේ, එක ඒ සමාගමේ වැඩක්...