
(අංජුල මහික වීරරත්න)
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහිදී බිම් මෙහෙවර සේවා සැපයීම සඳහා දැනට පවතින කොන්ත්‍රාත්තුව 2025-06-30 දිනෙන් අවසන් වීමට නියමිතය.
එබැවින් ඉදිරි වසර 3 ක කාලය සඳහා බිම් මෙහෙවර සේවා සපයන්නෙකු තෝරා ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා තිබේ.
ඒ සඳහා ඉදිරිපත් ව තිබූ ලංසු හතරක් සමාලෝචනය කිරීමෙන් අනතුරුව Dnata Airport Services Pty Limited වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇත.
ඒ අනුව මෙල්බර්න් ගුවන් තොටුපොළෙහි ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ (ගුවන් මගීන්, භූමි සේවා සැපයීම් සහ භාණ්ඩ ගබඩා හසුරවාලීමේ) කොන්ත්‍රාත්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් 13,124,402 ක සමස්ත ඇස්තමේන්තුගත පිරිවැයකට එකී සමාගම වෙත පිරිනැමීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් සේවාවේ බිම් මෙහෙවර සේවා කොන්ත්‍රාත් ගැන අමාත්‍ය මණ්ඩල තීන්දු! මේවා විහිලු නෙවෙයිද_
හරි හමන් ආණ්ඩුවක් දැකලා නැති ගුණරත්නලාට ඕවා මැජික් වගේ ඇති, එහෙම කරන්නේ නැතුව ගුණරත්න කියන්නේ රාජපක්ෂ වික්‍රමසිංහ හොර කල්ලි කෙරුවා විදිහට අත යටින් ගානක් අරගෙන තමන්ගේ එකෙක්ට දෙන්න කියලාද? ළඟ...
මොනරවිල මහත්තයා, ඔය වගේ තීරණ ගන්න තමයි ව්‍යාපාරයක සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඉන්නේ, එක ඒ සමාගමේ වැඩක්...