
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ග ඉදිකිරීම සඳහා දේශීය බැංකුවලින් ලබාගෙන ඇති රුපියල් කෝටි 31000ක පමණ අධික ණය මුදල් ප්‍රමාණය ගෙවීම ලොකු අර්බුදයක් බවට පත්ව ඇතැයි වාර්තාවේ.
මේ හේතුවෙන් එම ණය මුදල් ගෙවීමට අයවැයෙන් වෙන් කර ඇති රුපියල් කෝටි 3600 ගැනීම සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ.
මෙම පරිපූරක ඇස්තමේන්තුව එම කාරක සභාවේදී සලකා බැලීමෙන් පසුව අනුමත කෙරිණ
මේ අතර ශ්‍රී ලංකාව විදේශයන්ගෙන් හා දේශීයව දැනට ලබාගෙන ඇති ණය ප්‍රමාණ පිළිබඳව මුදල් කාරක සභාවට කැඳවා සිටි රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල නිලධාරීන්ගෙන් විමසා සිටියේය. විදේශ ණය ඩොලර් කෝටි 3700 ක්ද රුපියල්වලින් ගත් ණය කෝටි 19 ලක්ෂයක්ද ගෙවීමට පවතින බව එම නිලධාරීහු පෙන්වා දුන්හ.
මෙහිදී මේ වසරේ ගෙවීමට ඇති ණය වාරික ප්‍රමාණය පිළිබඳව කාරක සභාභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසා සිටි නමුත් අදාළ සංඛ්‍යා දත්ත ඔවුන් සතුව ඒ මොහොතේ නොතිබීම පිළිබඳව සභාපතිවරයා නොසතුට පළකළේය.
ණය ලබාගැනීම් සම්බන්ධ ක්‍රියාවලිය වර්තමානය වනවිට සම්පුර්ණයෙන්ම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල හරහා සිදුවීම හේතුවෙන් ඒ සඳහා නිපුණතාවෙන් යුතු නිලධාරීන් බඳවාගැනීමේ වැදගත්කමද මෙහිදී කාරක සභා සභාපතිවරයා සිහිපත් කළේය.
මේ රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන රවී කරුණානායක, සුනිල් රාජපක්‍ෂ, නිශාන්ත ජයවීර යන මහත්වරුද සහභාගි වූහ.
2025 ඔක්තෝබර් මස 08
1703
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මාර්ග හදන්න ගත් කෝටි 31000ක් හිරවෙලා