
(සුජිත් හේවාජුලිගේ)
වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීම සඳහා ලබාදී තිබූ කාලය පසුගිය ජුනි මස 30 වැනිදා අවසන් වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 175 දෙනාගෙන් 80 දෙනකුම වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට බාරදී නැතැයි වාර්තාවේ.
ඉන් වැඩි පිරිසක් ආණ්ඩුවේ මන්ත්‍රීවරු වෙති.
ජුනි මස 30 වැනිදාට වත්කම් බැරකම් ප්‍රකාශ බාරදී තිබූ මන්ත්‍රී ලැයිස්තුව පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පෙරේදා (2) බාරදෙනු ලැබීය.
මේ අනුව එම කොමිෂන් සභාව වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී නිත්‍යානුකූලව කටයුතු කරනු ඇතැයි
ආරංචි මාර්ග සඳහන් කළේය. නව කොමිෂන් සභා පනත අනුව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පැහැර හරින මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් තුනෙන් එකක අධිභාරයක් අයකිරීමටද කොමිෂන් සභාවට බලය ඇත්තේය.
සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම සෑම වර්ෂයකම මාර්තු මස 31 වැනිදාට පෙර පැවතුණු සියලුම වත්කම් පිළිබඳ විස්තර කතානායකවරයාට බාරදිය යුතුව ඇත.මේ අතර පසුගිය පාර්ලිමේන්තුවේ කටයුතු කළ හිටපු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රී කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් බහුතරයක්ද වත්කම් බැරකම් ප්‍රකාශ අදාල ප්‍රධානීන්ට බාරදී නැතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය හොරු නෙමෙයි. හැබැයි වත්කම කියන්න බයයි.
කිසිවෙකුට එරෙහිව නඩු පවරනු නොලබන බව මට විශ්වාසයි. මේ ශ්‍රී ලංකාව, විශේෂයෙන් බලයේ සිටින අයට. නීතිය සහ අධිකරණය විරුද්ධවාදීන්ට සහ සාමාන්‍ය ජනතාවට පමණක් සීමා වූවක්. එය අතීතයේදීත්, වර්තමානයේත් සත්‍ය වූ අතර අනාගතයේදීත් එසේම වනු ඇත.
මට නම් හිතෙන්නේ තියෙන වත්කම් ලියන්න ලැජ්ජාවක් හිතෙනවා ඇති..., ඒක නිසා පසුබානවා ඇති.
දැන් තියෙන වත්කම අඩුවෙන් ලිව්ව වගේ නෙවෙයි යනකොට එදාට ඒ තියෙන වත්කම හොයාගත්ත විදිහත් පෙන්වන්න වෙනවා. දැන් තියෙන ආදායම වැඩියෙන් පෙන්නලා හම්බකර ගත්තෙ නෑ කියන්න ගියොත් දැන් ඉඳලම ටැක්ස් ගවෙන්න වෙනවා .
මන්ත්‍රීවරුන් 175 දෙනාගෙන් කියන්නේ ඇයි? පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා 225 දෙනෙක් ඉන්නවනේ...
ඉන් වැඩි පිරිසක් ආණ්ඩුවේ මන්ත්‍රීවරු වෙති! බු හා හා මේක වෙන්න ඇති පුනරුදේ... !
NPP එවුනුත් අර වගේ වුණොත් ලබන ඡන්දෙදි පයින් ගහලා එළවන්නේ...!
මම මේ කලපනා කරන්නේ තිබෙන වත්කම් පෙන්වනවාද? එහෙම නැතිනම් ටිකක් වැඩියෙන් පෙන්වනවාද? වැඩියෙන් පෙන්නුවොත් මේවා හම්බකළේ කොහොමද කියලා අහවි... සමහරවිට බදු ගෙවන්නත් වේවි..., දැන් තියන එක පෙන්නුවොත් තව අවුරුදු 3-4කින් හම්බ කරගන්න බලාපොරොත්තු වෙන ඒවා එළියට දමන්න බැරිවේවි... මේක හරිම අන්තෝ ජටා, බහි ජටා ප්‍රශ්නයක්...
මොන වත්කම්ද? මොවුන් තමා යාපනේ 88/89 කාලේ හොරකම් කරලා පැලවත්තේ පිහිටුවපු අරමුදලෙන්...
මට ආචාර්ය උපාධියක් තිබුණාට 3-4 පන්තියේදී ඉගෙන ගත්තු සරල ගණිතය අමතක වෙලා..., මට කොපමණ දේපල තිබෙනවාද? ඒවා තිබෙන්නේ කොහේද කියලා මට මතක නැහැ. දොස්තර මහේශිවත් එළියේ හිටියා නම් මොලේ ඔපරේෂන් කළා කියලා තුන්ඩුවක් අරන් මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න තිබුණා දැන් ඒකත් බැහැ...