IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මන්ත්‍රීලාට කොම්පියුටර් ගන්න ලක්ෂ අටක්

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පරිගණක ඡායා පිටපත් යන්ත්‍ර ෆැක්ස් යන්ත්‍ර සහ ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා මුළු ධුර කාලයටම ලක්ෂ අටක මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම භාණ්ඩ මිලදී ගැනීම සඳහා මෙයට පෙර රුපියල් ලක්ෂ පහ බැගින් ලක්ෂ දහයක් සිය දුර කාලයේ වාර දෙකකදී ලබාදීමට කටයුතු කෙරිණ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පෙබරවාරි මස 20 වැනිදා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් අනුව මෙම මුදල ලබාදීමට අනුමැතිය ලැබී ඇත.

මෙම භාණ්ඩ මිලදී ගැනීමෙන් පසු ක්ෂය වටිනාකම වාරික පදනමින් අය කර ගැනීමට කටයුතු කෙරේ. එසේම මුදල් අය කර ගැනීමෙන් පසු එම භාණ්ඩවල අයිතිය මන්ත්‍රීවරයාට පැවරෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ දැක්වේ.

 



අදහස් (8)

මන්ත්‍රීලාට කොම්පියුටර් ගන්න ලක්ෂ අටක්

ගුණරත්න Thursday, 20 March 2025 08:42 AM

ලක්ෂ 8ක් යන්නේ නැහැ කම්පියුටර් එකක් ගන්න, අවශ්‍ය මූලික උපාංග ඔක්කොම එක්ක සොෆ්ට්වෙයා විවෘත මෘදුකාංග එක්ක ලක්ෂ 4කත සුපිරිම කම්පියුටර් එකක් ගන්න පුළුවන්.

:       17       18

sakra Thursday, 20 March 2025 08:46 AM

ඕවට බොරුවටනේ මහජන මුදල් වියදම්කරන්නේ ඔය යාලුවෙන්ගෙන් පරණ computer ඉල්ලගෙන ඒවා අලුත්වැඩියා කරන කෙනෙකුට කියල ඒ වැඩේ නිකන කරවගන්න කියල ඔය මන්ත්‍රිලට කියන්න.

:       15       20

Rasi Thursday, 20 March 2025 08:52 AM

කවුරුවත් පිනට වැඩ කරන්න එන්නේ නැහැ. දෙන හැම දේටම හුල්ලන එක නෙවෙයි වැඩේ, මොනවා හරි කරලා රටට වැඩක් කර ගන්න එක. ඒ සදහා අවශ්‍ය, උපකරණ සහ පහසුකම් රටට සරිලන සහ දරාගැනීමට හැකි පරිදි ජනතා නියෝජිතයන්ට සහ නිලදාරින්ට ලබා දිය යුතුයි. පසු ගිය කාලේ සිදු වුනේ, ලබා ගත වරප්‍රසාද සහ අනික දේවල් අසීමිත ලෙස රටට දරාගත නොහැකි සහ අවභාවිතාවන මට්ටමේ පැවතීමයි.

:       10       14

ravin Thursday, 20 March 2025 09:07 AM

පහුගිය කාලේ නම් මන්ත්‍රීවරුන්ට නොමිලේ ලබාදුන්නු ලැප්ටොප් පරිගනක වලින් පාර්ලිමේන්තු ගර්බය තුළදීම අතිවිශේෂිත දේවල් නරඹුවා කියලා කසුකුසුවක් ඇහුණා වගේ මතකයි..

:       1       10

බකල ජයා Thursday, 20 March 2025 09:39 AM

ගොඩක් අයට මේව ප්‍රයෝජනවත් වෙයි. හුලං සැර කාලෙට දොරවල් නැත්තං ඩාං ගාල, ඩෝං ගාල වදිනවා.

:       2       13

අරවින්ද මොණරවිල Thursday, 20 March 2025 10:56 AM

රටේ පාසැල් දරුවෝ ඉන්නවා පරිගනකයක් දැකලාවත් නැති, ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.

:       2       11

ජයරත්න Thursday, 20 March 2025 11:23 AM

ඇත්තටම ඔවගෙන් ජනතාවට වෙන සේවයක් තියේද?. විපක්ෂයේ මංත්‍රීවරුන්ටත් ඕනද?

:       5       4

kasun Thursday, 20 March 2025 11:27 AM

වීඩියෝ ගේම් ගහන්න වෙන්න ඇති . ටැක්ස් ෆ්‍රී ඔය ටික ගන්න දුන්නා නම් කොච්චර පොඩි ගානද යන්නෙ?

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site