IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මැද පෙරදිග කාන්තාවන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්?



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මැදපෙරදිග  අපේ ශ්‍රමික  කාන්තාවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් යෝජනා  ක්‍රමයක් හඳුන්වා දෙන්නැයි රජයට යෝජනා කරන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි අධිනීතිඥ  චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය පැවසුවාය.

කිරිඇල්ල මහත්මිය මෙසේද පැවසුවාය.

මැදපෙරදිග ගෘහ සේවයේ සිටින කාන්තාවන් අපේ රටට විශාල වශයෙන් විදේශ විනිමය එවන කණ්ඩායමක්. අපි ඒ කණ්ඩායම හොදින් රැකබලා ගන්න ඕන. ඒ අයගේ සුභසාධනය උපරිමයෙන් සැලසීම රජයක වගකීමක්. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඒ සඳහා ලොකු වැඩ කොටසක් පැවරෙනවා.

මැදපෙරදිග සේවය කරන අපේ කාන්තාවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්න කියලා රජයට යෝජනා කරනවා.



අදහස් (6)

මැද පෙරදිග කාන්තාවන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්?

dds Monday, 17 March 2025 11:11 AM

ඉතා හොඳ යෝජනාවක්. අරමුදල ආරම්භයට හයිවේ එකෙන් ගත්තු එකෙනුයි, හන්තානෙ ඉඩම්වලිනුයි මුදල් පරිත්‍යාග කරන්න පුළුවන්.

:       2       15

Tharindu Monday, 17 March 2025 11:26 AM

එක්සත් රාජධානියේ නීතිය හදාරා නීතිඥ ද අධිනීතිඥ ද කියන එකට වාද විවාද කරනවාට වැඩිය අඩුම තරමින් මේ වගේ යෝජනාවක් පමාවි හෝ ඉදිරිපත් කිරිම හොඳයි

:       1       4

Karunajeewa Monday, 17 March 2025 11:34 AM

ඒ කාලේ තාත්තා අවුරුදු ගානක් පාලනයට සම්බන්ධ වෙලා පක්ෂ මාරු කරමින් හිටියා, මතක් වුනේ නැහැ නේද?. ඒ වගේද පාරවල හදන්න කොන්ත්‍රාත් වැඩ තිබුන නේ.. නේද? ඕක කියන්න ගෙදරදීත් තිබුනා. ..දැන් මතක් වෙලා. හඳුන්නෙත්ති විසින් 'එතෙර අපි' විදියට, 2015 ආණ්ඩුවටත් ඔය යෝජනාව ගෙනාවා. ඔයා දන්නේ නැති වුනාට.

:       1       12

රම්බොඩ Monday, 17 March 2025 11:53 AM

මැදපෙරදිග ඉඳන් එන ඩොලර් ටික ගණිනවා මිසක කවදාවත් ඔවුන් වෙනුවෙන් දැනෙන්න යමක් කිසිම ආණ්ඩුවකින් කරයි කියා සිතිය නොහැක. එක ආණ්ඩුවකින් කාර් ගේන්න දුන්නා. ඒක ව්‍යාපාරයක් වුණා.

:       0       5

fairoosMonday, 17 March 2025 12:42 PM

රම්බොඩගේ කටේ මසුරන්... සහතික ඇත්ත මතකනේ කොරෝනා දවස්වල කළේ...

:       0       2

අරවින්ද මොණරවිල Monday, 17 March 2025 04:32 PM

ඒක ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. ඒ නිසා නෝනා කළබල වෙන්න එපා වෙලාවට ඒවා කරයි.

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site