(නිමල් ජයරත්න)
මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ, සුන්බුන් කොටස් අද සවස නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ කණ්ඩායමක් එක්ව ගොඩ ගැනීමට කටයුතු කළහ.
මාදුරුඔය විශේෂ බලකායේ 09 වෙනිදා පැවැති විශේෂ බළකා විසිර යාමේ පෙළපාලියට නිදර්ශනාත්මක පුහුණුවට සහභාගි වෙමින් සිටියදී ජලාශයට කඩා වැටුණු මෙම ගුවන් යානයේ සෙබළුන් 12 දෙකු ගමන් ගත් අතර ඉන් විශේෂ බළකා සෙබළුන් සිව්දෙනකු සහ ගුවන් හමුදා භටයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව, හයදෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.
ජලාශයට කඩා වැටුණු හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ හත්වැනි බල ගණයට අයත් බෙල් 212 වර්ගයේ හෙළිකොප්ටර් යානය අනතුරට ලක්වීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතී.
විශේෂ බලකායේ විසර යාම පෙළපාළියේ සෙබලුන් එකසිය තිස්දෙනකු විසිර යාමට නියමිතව සිටි අතර, එම උත්සවයට යුද හමුදාපති ලුතිතන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා සහභාගි වූ අතර, හෙලිකොප්ටර් ගුවන් යානය අනතුරට පත්වීමත් සමග උත්සවය අතර මග නතර කෙරිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මාදුරුඔයට වැටුණු හෙළිකොප්ටරය ගොඩ ගනී
Wasantha jayasingha Saturday, 10 May 2025 10:59 PM
මෙවැනි දේ නොවන්න නම් පසුව කමිටු පත්කිරීමට වඩා පැරැණි ඒවා... වහාම අලුත් වැඩියා කළ යුතුයි. එසේ නොවන්නේ නම්, මුදල් නැතිනම් දරුවන් මේ සඳහා නොකරන මෙන් ඉල්ලා සිටිමි.