
(චන්ද්‍රසේන ගමගේ, රෝෂන් රාජික සහ පද්මසිරි ගාර්දියවසම්)
මිද්දෙනිය පොලිස් වසමේ තෝර කොළ යාය තේක්ක කැලයේදී පුද්ගලයන් දෙදෙනකු ඝාතනයය කිරීමේ සිද්ධියට අදාලව තෝර කොළ යායේම පදිංචිකරුවන් තිදෙනෙකු අවි ආයුධ රැසක් සමග අද පෙරවරුවේදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 ගිනි අවියට යොදන උණ්ඩ 18ක් මැගසින් 02ක් මි.මි.09 වර්ගයේ ගිනි අවියක් හා උන්ඩ 58 ක් බෝර දොළහ වර්ගයේ ගිනි අවියක් හා උණ්ඩ 25ක් මාංචු කූට්ටම් 01ක් හෙරොයින් මිලිග්‍රෑම් 300ක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 24,25,26 පසුවන අය බවද පොලිසිය කියයි.මොවුන් සියලු දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අය බවත් මෙම ද්විත්ව ඝාතනය අත්අඩංගුවට පත් තැඹිලි ලහිරුගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වශයෙන් කටයුතු කොට ඇති බවත් අනතුරුව ඝාතකයන් හා ඝාතනයට ලක් වූ දෙදෙනා අතර වූ ගැටුමක් මෙම අපරාධයට හේතු වී ඇති බවත් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් අද දින මිද්දෙණිය පොලිසියට භාර දුන් අතර ඔවුන් හෙට දින වලස් මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

2025 දෙසැම්බර් මස 16
8
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මිද්දෙණිය ද්විත්ව ඝාතනයට තුනක් මාට්ටු
Kamal Koyrala Tuesday, 09 September 2025 11:31 AM
මේ අනුව මිද්දෙනියේ පොලීසිය වැඩ කරන්නේ අවට පොලීසි වලින් නේ… මිද්දෙනියට පොලීසියක් අවශ්‍යද?