
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව නොගෙවීමට රජය තීරණය කර ඇත.
රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම දීමනාව ගෙවීමේදී පාර්ලිමේන්තුවට පමණක් විශේෂත්වයක් දැක්වුවහොත් එය නරක පූරාදර්ශයක් වනු ඇතැයි ආර්ථික උපදේශකයන් රජයට පෙන්වාදී ඇත.
පාර්ලිමේන්තුවේ 1200ක් පමණ මෙම දීමනාව ලබා ගැනීමට හිමිකම් ලබා සිටියහ.
පාර්ලිමේන්තුවේ සේවකයන් පිරිසක් රජයේ ප්‍රධානීන් හමුවී පසුගියදා මෙම දීමනාව ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණ.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් ඊයේ කළ විමසුමකදී ඔහු පැවසුවේ එම දීමනාව නොගෙවීමට රජය තීරණය කර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නා තරමින් ඕක සේවකයින්ට දශක ගණනාවක් ලැබුණු දෙයක්. පාර්ලිමේන්තු සේවයේ ඇති විශේෂත්වය මත පදනම්ව සේවකයින් නිවාඩු ගැනීමේදී ඇති විය හැකි දුෂ්කරතා මග හැරවීමට අතීතයේදී ගත් ක්‍රියාමාර්ගයක්. මේ පුවතේ හැටියට මෙ රජයෙන් සේවක අයිතීන් කප්පාදු කිරීම ඉතාම අවාසනාවන්ත තත්වයක්.
කළින් හිටපු මැති ඇමැතිලා ලොකු හැඳිවලින් බෙදාගන්න කොට පාර්ලිමේන්තු සේවකයින්ටත් ඉතින් දන්කුඩවත් දෙන්න ඕනනේ... දැන් තාලේ වෙනස්... කාලේ වෙනස්. ඔය දීමනා ඕන නැහැ.
දෙන්ඩ එපා.. මෙච්චර කලුත් පිනටම කලා තවත් සල්ලිත් ගෙවන්ඩ