IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


මැතිසබේ වෙබ් අඩවිය අලුත් කරයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න)

වසර 19 පුරා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය නව විශේෂාංග රැසක් සමඟින් නව්‍යකරණය කර  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එළිදක්වනු ලැබීය

මේ අවස්ථාවට   නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා ඇතුළු පිරිසක්ද සහභාගි වූහ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය ප්‍රථම වරට නිර්මාණය කර ජනතාවට එළිදක්වා  ඇත්තේ 2006 වර්ෂයේදීය. ඒ අතරතුර කාලය තුළ දෙවතාවක් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය නව්‍යකරණයන්ට ලක් කෙරුණු අතර තුන්වැනි නව්‍යකරණය කරමින් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය  මෙලෙස එළිදක්වන ලදී.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත, පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ  (NDI) පුර්ණ අනුග්‍රහයෙන් මෙම වෙබ් අඩවියේ ප්‍රතිසංස්කරණ කටයුතු පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ටෙක්ගීක්ස් (පුද්) සමාගම සමඟ සහයෝගයෙන්  කරන ලදී.

නව පාර්ලිමේන්තු වෙබ් අඩවිය නවීන අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස වඩාත් පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව සහ තවත් විශේෂාංග රැසක් එක් කරමින් නිර්මාණය කර ඇත. වෙබ් අඩවියේ " My Parliament " portal නැතහොත් "මගේ පාර්ලිමේන්තුව" ද්වාරය  මඟින්  සෑම පුරවැසියෙකුටම  පාර්ලිමේන්තුව සහ එහි මන්ත්‍රීවරුන් සමඟ සෘජුවම සම්බන්ධවීමේ හැකියාව ලබා දී  ඇති අතර වෙබ් අඩවියේ  ලියාපදිංචි වීම ඔස්සේ මහජනතාවට පාර්ලිමේන්තුව මගින් සපයන සේවාන් වඩාත් පහසුවෙන් ලබාගැනීමට  අවස්ථාව  හිමිවේ. තවද පාර්ලිමේන්තුව සමග කටයුතු කරන රාජ්‍ය සේවකයින්ට මේ ලියාපදිංචි වීම හරහා  එම කටයුතු පහසු කරගැනීමටද  අවස්ථාව  පවතී.



අදහස් (1)

මැතිසබේ වෙබ් අඩවිය අලුත් කරයි

දිමුත් Wednesday, 03 December 2025 12:01 PM

ඉතා හොඳයි. ආපදා තත්වයන්ගෙන් අඩාල නොවී රාජ්‍යයේ කටයුතු වැඩිදියුණු වන එක...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 458 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 461 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site