
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම් දොර ( තඹදොර) අබලන්වීම හේතුවෙන් එය හමුදාව යොදවා පිළිසකර කරගෙන යන බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.
විශේෂ උත්සව අවස්ථාවන්හිදී ජනාධිපතිවරයා හෝ වෙනත් රාජ්‍ය නායකයන් පාර්ලිමේන්තුවට ඇතුළු වන්නේ මෙම තඹ දොරෙනි.
තඹ දොර උඩ පහළ කිරීමට යොදා ගන්නා “බෙයාරින්” කොටස් ක්‍රියාත්මක නොවන ආකාරයට ගෙවී ගොස් ඇතැයි වාර්තාවේ. තඹ දොර අලුත්වැඩියාව සඳහා අවශ්‍ය උපකරණ පාර්ලිමේන්තුවෙන් සැපයෙන අතර යුද හමුදාව එය පිළිසකර ශ්‍රමදායකත්වය සපයයි.
මේ අතර පාර්ලිමේන්තුවේ අම්බලන්ව පවතින තවත් බඩුමුට්ටු රැසක් පිළිසකර කිරීමට මේ දිනවල කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න හමුදාව වෙන වෙන රාජකාරි වල යොදවනවා. ඒක එයාලට අගෞරවයක් ! අන්න එහෙම තමයි දැන් ආණ්ඩු කරන අය ඉස්සර කෑ ගැහුවේ.
වහලයට අලුතින් තීන්ත ගෑමත් අවශ්‍යයයි
මේක පෞද්ගලික සමාගමකට මිල ගණන් කැඳවා වගකීම බාර දුන්නා නම් හොඳ නැත්ද? එහෙම කළා නම් දේශීය සමාගමකට මුදලක් ලැබෙනවා, ප්‍රසිද්ධිය ලැබෙනවා. එහෙම නැතිව හමුදාව කරන්න ඕන දේවල් නොවෙයි.
ගලවලා අයින්කරන තඹ ටික කාටද? පාස්කු ප්‍රහාරයට සැකපිට අල්ලපු තඹ, පිත්තල එකතු කරන ඊබ්‍රහීම් නානාටද?
හොඳට චෙක්කරලා බලන්න, හිටපු අයියලාගේ හැටියට ඕකේ තඹ ටික හූරාගෙන ටිං බෙලෙක්ක අලවලා තියෙන්න බැරි නෑ...