( විශේෂ වාර්තාකරුවෙකු විසිනි)
හෝමාගම මූලික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ සෞඛ්‍ය සේවකයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අලෙවියේ නිරත සෞඛ්‍ය සේවකයින් සුළු පිරිසක් සිටින බවට ප්‍රදේශවාසීහු පවසති
මෙලෙස අයිස් මද්‍රව්‍ය භාවිතා කරන සෞඛ්‍ය සේවකයින් නිසාවෙන් රෝගී සත්කාර සේවා මෙන්ම රෝහලේ අනෙකුත් කටයුතු අඩාල වී ඇති බවත් එසේම අනෙක් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වෙත අයිස් මත්ද්‍රව්‍ය විකිණීම සිදු කරන බවත් එසේම දීර්ඝ කාලයක් නේවාසිකව සිටින රෝගීන්ට ද මෙම අයිස් මත්ද්‍රව්‍ය විකිණීමේ නිරතව සිටින බවත් ඔවුහු පවසති
මෙලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු වීම නිසාවෙන් රෝහල තුළ සොරකම් බහුල වී ඇති බවත් මේ හේතුවෙන් නේවාසිකව සිටින රෝගීන්ට දැඩි ගැටලුකාරී තත්වයන්ට මුහුණ දීමට සිදුව ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.
එසේම තවත් රෝහල් කන්ස්ට සේවකයන් පිරිසක් රෝහල් නිල ඇඳුම් භාවිතා නොකර සාමාන්‍ය සිවිල් ඇඳුමින් රෝහල තුළ සැරිසරමින් කටයුතු කිරීම නිසාවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්වන බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.
එසේම රාත්‍රී කාලයේදී රෝගියකු රෝහලට වෙත රැගෙන ගියවිට එම රෝගියා වෙනත් වාට්ටු සඳහා හො පරීක්ෂණ මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට කනිෂ්ඨ කාර්ය මණ්ඩලය නොමැති වීමද විශාල ගැටළුවක්ව ඇතැයිද ඔවුහු පවසති.
එලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ සිටි බව කියන කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් දෙදෙනෙකු හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙකුගෙන් සිදුකළ විමසීමකදී අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය එරංගා රාජපක්ෂ මහත්මියගෙන් කළ විමසීමකදී ඇය මෙසේ කීවාය.
‘රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදුව සිටින කුඩා කණ්ඩායමක් සිටින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. දින කිහිපයකට පෙර එලෙස අයිස් මත්ද්‍රව්‍ය සමඟින් රෝහල්, සෞඛ්‍ය සේවකයන් දෙදෙනෙක් හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. ඒ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණයක් ද සිදුවෙනවා. ‘
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මතට අබ්බැහි වු සෞඛ්‍ය සේවකයින් නිසා හෝමාගම රෝහල් කටයුතුවලට බාධා
වින්සන්ට් කජ්ජා Friday, 16 May 2025 04:16 PM
කුඩු විකුණපු, අනුග්‍රහය දක්වපු මැති ඇමැතිලාගේ හපන්කම්... තමන්ගේ ආධාරකාරයින්ගෙන්, හෙන්චයියන්ගෙන් පුරවලා...
අනුලා Friday, 16 May 2025 08:29 PM
වහාම ක්‍රියාත්මක වන පරිදි රෝහල් සුලු සේවකයින් පුද්ගලික ආයතන වලට දෙන්න ඕනෑ. ඉස්සර හැම ලෙඩෙක්ගේම ඕනෑ, එපාකම් බැලුවේ ඇටන්ඩන්ලා දැන් ලෙඩෙක් බලන්න වෙනම කෙනෙක් තියන්න ඕනෑ... එවුනුත් එන්නෙත් ඒජන්සි වලින් රුපියල් 3500/ 4000ක් දවසට ගන්නවා...