(අංජුල මහික වීරරත්න)
පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී උතුරේ ජනතාව ජාතික ජන බලවේගය සමග පියවරක් ඉදිරියට තැබුවේ පියවර දහසක් ඉදිරියට යාමේ අරමුණින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී පැවසීය.
සියලු දෙනා තැබු එම විශ්වාසය සුරකිමින් ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනඟන තුරු එම දෑත් අත් නොහරින බව ජනාධිපතිවරයා කීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට (01) පස්වරුවේ එක් වෙමිනි.
දිගු කාලීන සැලැස්මක් යටතේ මණ්ඩතිව් දූපත ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් සමන්විත ‘ක්‍රීඩා නගරයක්’ බවට පත් කිරීම පිළිබඳ සැලසුමද මෙහිදී ප්‍රකාශයට පත් කළේය.
මෙම ක්‍රීඩා නගරය පිහිනුම් තටාකාංගණයක්, අනෙකුත් ක්‍රීඩාවලින් සමන්විත අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, තරු පන්තියේ හෝටල් හා අවන්හල්, සුඛෝපභෝගී මහල් නිවාස, සාප්පු සංකීර්ණ මෙන්ම විනෝදාස්වාද මධ්‍යස්ථානවලින්ද සමන්විත වනු ඇත.
යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අදියර හතරක් යටතේ ඉදි කිරීමට නියමිත අතර එහි පළමු අදියර ලෙස තරග පැවැත්විය හැකි මට්ටමට ක්‍රීඩාංගණය සහ ක්‍රීඩාගාරය ඉදි කෙරෙනු ඇත.
දෙවැනි අදියර යටතේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය සහ මාධ්‍ය කුටියද, තෙවැනි අදියර යටතේ සෙසු ප්‍රේක්ෂකාගාර ඉදිකිරීමටද, අවසන් අදියරේදී විදුලි අලෝක පද්ධතිය ස්ථාපිත කිරීමටද නියමිතය.
යාපනය, වෙලනෙයි ප්‍රාදේශීය සභාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දී ඇති භූමියක ඉදි කෙරෙන මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 40,000කට ආසන්න ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරග නැරඹීමේ අවස්ථාව හිමි වේ.
එසේම ජාත්‍යන්තර මට්ටමේ දිවා/රාත්‍රී තරග පැවැත්වීමේ පහසුකම් සහිතව ශ්‍රී ලංකාවේ ඉදිවන පස්වන ක්‍රීඩාංගණය ලෙසද, ජාත්‍යන්තර තරග පැවැත්විය හැකි හත් වන ක්‍රීඩාංගණය ලෙද යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉතිහාස ගතවනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලාංකේය අභිමානය ලෝකයට ගෙන ගිය ක්‍රීඩාවක් බවයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මණ්ඩතිව් දූපත ක්‍රීඩා නගරයක් කරයි
ප්‍රොමිස්...කා Monday, 01 September 2025 07:29 PM
හමින්බර්ඩ් රිසෝට් එකකුත් දාමු. ආවම නවතින්නත් පුලුවන්නේ...
Nishan Tuesday, 02 September 2025 03:24 AM
කවුද අප්පා මැච් බලන්න යාපනේ දූපත් වලට යන්නේ...? බෝට්ටු වල නැගලා. පිස්සුද මේ මනුස්සයට රටේ ජාතික ධනය විනාශ කරන්නේ මේ විදියට. මේ සමරු ඵලකයට ගිය වියදමත් නාස්තියක්...
අරවින්ද මොණරවිල Tuesday, 02 September 2025 11:57 AM
මොනව වුණත් රනිල් පටන්ගත්ත ව්‍යාපෘති නවත්තන්නේ නැතුව ඉදිරියට ගෙනයන එකට ස්තුතියි