IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


මැණික් ලොක්කෝ රට සවාරියකට ලක්ෂ 61ක් කාලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ පාලක මණ්ඩලය 2023 වසරේදී ලක්ෂ 61ක මුදලක් වියදම් කර ලාස් වේගාස්හි මැණික් ප්‍රදර්ශනයකට යාම පිළිබඳව කෝප් කාරක සභාව කරුණු විමසා ඇත

මෙතරම් මුදලක් වැය කොට මෙම  ප්‍රදර්ශනයට සහභාගී  වීමේ පරමාර්ථය කුමක්දැයි කාරක සභා සභාපතිවරයා එම අධිකාරියේ හිටපු  සභාපතිවරයාගෙන් ප්‍රශ්න කර ඇත.

කාරක සභා සමාජික මන්ත්‍රීවරුද  ඒ හරහා  මෙරටට යම් ප්‍රතිලාභයක් ලැබුනේද යන්න පිළිබඳව කරුණු විමසූහ.

ලස් වේගාස් මැණික් ප්‍රදර්ශනයට සහභාගී වී ලබාගත් දැනුම සහ අත්දැකීම් ඔස්සේ ප්‍රථමවරට අන්තර්ජාතික  ප්‍රමිතීන්ට අනුව රත්නපුර  මැණික් ප්‍රදර්ශනයක් සාර්ථක ලෙස සංවිධානය කිරීමට හැකි වූ බවත්, එවන් විදේශ අත්දැකීම් ඔස්සේ මෙරට මැණික් ව්‍යාපාරය දියුණු කළ හැකි ක්‍රමවේද සැකසීම සිය අරමුණු  වූ බවත්  ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු සභාපතිවරයා පැවසීය.



අදහස් (0)

මැණික් ලොක්කෝ රට සවාරියකට ලක්ෂ 61ක් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1640 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 560 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 644 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site