IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්ට ඇප

(මනෝප්‍රිය ගුණසේකර සහ රෝෂන් තුෂාර)

මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවට බලපත්‍ර ගැනීමට පැමිණී ජනතාවගෙන් අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් සන්තකයේ තබාගත්තේ යැයි සැකපිට රිමාන්ඩ් බාරයේ රඳවා සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු තිදෙනො කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (04) නියම කළාය.

රුපියල් 25”000/- බැගින් මුදල් හා රුපියල් ලක්‍ෂ 20 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත මුදා හළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය ඇප තැබීමෙන් අනතුරුව අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරමින් විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට බාරදීමටද විත්තිකරුවන්ට නියම කළාය.

සැකකරුවන්ට කිසිදු ආකාරයකින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තු කාර්යාලයට කාර්යාලයට හෝ එම පරිශ්‍රයට ඇතුල් වීම තහනම් කරමින් මහෙස්ත්‍රාත්වරිය නියෝගයක්ද පැණවුවාය.

මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයේ රඳවා සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වන ඩිලාන් නුවන් කුමාර, එහි සහකාර කළමණාකරුවකු වන ප්‍රදීප් නිශාන්ත හා ලිපිකරුවකු වන සමන්ත පෙරේරා නමැත්තන්ය.

පැමිණීල්ල කැඳවු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සිද්ධියට අදාළව කළ විමර්ශන පිළිබඳ ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ නිලධාරීහු අල්ලස් කොමිසමට ලැබුණු රහසිගත බුද්ධි තොරතුරු වලට අනුව කාලයක් තිස්සේ කළ ආවේෂණ කටයුතු වලින් අනතුරුව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් පසුගිය මැයි 23 වැනිදා පස්වරුවේ කළ හදිසි වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් දැනුම් දුන්හ.



අදහස් (1)

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්ට ඇප

විපරමා Friday, 04 July 2025 05:42 PM

තව ඉන්නවා හොරාකාපු උන්, ගෑණු, පිරිමි, ලොක්කෝ, සුළු සේවකයෝ කියලා වෙනසක් නැහැ. වන්චනිකයෝ ඉන්නේ...

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 702 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site