IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


භූමි තෙල් පෙවුණ සිඟිත්තා මරුට

(සිතුම් චතුරංග )

සිසිල් බීම බෝතලයක දමා තිබූ  භූමිතෙල් පානය කිරීම හේතුවෙන් යාපනය කෝපායි  වයස අවුරුද්දක දරුවෙක් මියගොස් ඇති බව යාපනය කෝපායි පොලිසිය පවසයි.

බීම බෝතලයක දමා මුළුතැන්ගෙයි තිබී ඇති භූමිතෙල් දරුවා රැගෙන සෙල්ලම් කිරීමෙන් අනතුරුව පානය කොට  අ‍ැතිබවට අනාවරණවූ බවත් පොලිසිය පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ කෝපායි පදිංචි අවූරුදු එකයි මාස දෙකක් වු දර්ශිතන් සස්වින් නැමති පිරිමි දරුවෙකි.

දරුවාගේ මව ආහාර පිසින අවස්ථාවක මුළුතැන්ගෙයි බිම තිබු භුමිතෙල් බෝතලය රැගෙන අ‍ැති බවත් පසුව භූමිතෙල් පානය කොට අ‍ැති බවත් පොලිසිය පැවසීය.

මව සිය දරුවා පිළිබද සොයා බැලීමේදී දරුවාගේ මුවින් භූමිතෙල් ගද වහනයවී අ‍ැති අතර පසුව ක්ලාන්තය වීම හේතුවෙන් මව විසින් ප්‍රථිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් අ‍ැති බව පොලිසිය  පැවසීය.

දරුවා රෝහල්ගත කොට ප්‍රථිකාර අරම්භ කිරීමෙන් පැය කිහිපයකට පසු දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බවත්  පැවසීය.



අදහස් (0)

භූමි තෙල් පෙවුණ සිඟිත්තා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site