IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


බීමත් පිරිසක් මිහින්තලා හිමිට බැන තර්ජනය කරලා

( බී ජී චතුරංග )

ඓතිහාසික මිහින්තලා රජමහා විහාර භූමියට  බීමත්ව වෑන්  රථයකින්  පැමිණි පිරිසක් එහි වැඩ සිටි ස්වාමීන් වහන්සේලාට පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමට උත්සාහ කළ බව  ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති  ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියෝ පවසති.

නායක හිමියෝ මේ බව කියා සිටියේ අද(25) පෙරවරුවේදී මිහින්තලා පුදබිමේදී පැවති මාධ්‍ය හමුවකදීය.

මිහින්තලා පුදබිමේ පුරා විද්‍යාව සහ බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇත්තේ හයදෙනකුගෙන් යුතු පොලිස් නිලධාරීන් පිරිසක් පමණක් බවත් එම නිලධාරින්ද මිහින්තලා පුදබිම තුළ ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු  පිරිස ගමන් ගත් එම වෑන් රථයේ අංකය හෝ තොරතුරු අනාවරණය කර ගැනීමට අපොහොසත් වී ඇති බවද නායක හිමියෝ පැවසූහ.

එමෙන්ම ඓතිහාසික මිහින්තලා පුද බිමේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ යොදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ කීහ.

විහාරාධිපති හිමියන්ට සහ මිහින්තලා පුද බිමට විශේෂ ආරක්ෂාවක් සපයන ලෙස අපරාධ වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා විසින් ඉකුත්දා පොලිසියට ලිඛිතව දැනුම් දී තිබුණි. 

 

 



අදහස් (11)

බීමත් පිරිසක් මිහින්තලා හිමිට බැන තර්ජනය කරලා

sakra Tuesday, 25 March 2025 12:16 PM

තමුන්න්නන්සේ හැසිරෙන්නෙත් චන්ඩියෙක් වගේනේ . ඒ වගේම බලන්නකෝ ඔයාට පිටිපස්සෙන් ඉන්න කෙනාගේ හැටි . අපිට පෙන්නේ චණ්ඩින්ට චන්ඩි පිරිසක් පාට එකකක් දාලා වගෙයි .

:       9       20

kIRI HONDA Tuesday, 25 March 2025 12:17 PM

එතුමාගේ භාර්යාව ගැන අහන්න ද දන්නේ නැ ආවේ

:       6       10

KIRI KIRI YAMAHATuesday, 25 March 2025 03:20 PM

අපේ හාමුදුරුවන්ට පද හදන්න එහෙම එනවා නෙමේ, ඔන්න කිව්වා...!

:       0       5

බකල ජයා Tuesday, 25 March 2025 12:24 PM

කලින් දෙසපු බණක් වැරදිලාවත්ද?

:       0       6

ජිල්බු Tuesday, 25 March 2025 12:40 PM

බීමත් පිරිසෙන් දෙන්නෙක් අල්ලලා, කරුණු පැහැදිලි කරලා, දහම් දෙසලා, මහණ කරගෙන.

:       3       28

පිටරටවැසියා Tuesday, 25 March 2025 01:32 PM

අපෙ හාන්දුරුවනේ, මේ බීමත් මිනිස්සු ඔබ වහන්සේලාට බැන වැදී, පහරදීමට තැත් කලා? බීමත් නාලාගිරි ඇතා පැමිණියේ බුදුන් වහන්සේව ඝාතනයට. නමුත් බුදුන් වහන්සේ ආරක්ෂාවට රාජ පුරුෂයෝ ඉල්ලුවේ නෑනේ? ධර්මය දේශනාකොට ධමනය කලා. හරි අපේ හාන්දුරුවනේ, ඒ කාලෙයි, අද කාලෙයි වෙනස් කියමුකෝ. ඒ වුණත් අපේ ගම්පලාත්වල පන්සල්වලට මෙහෙම ප්‍රශ්ණයක් නෑනෙ?

:       0       8

බකල ජයා Tuesday, 25 March 2025 02:11 PM

මිස්ටර් ජිල්බුහ්, එක්කෙනෙකුට ඊයේ ගත්තුව තාම වැඩ වගේ...

:       0       8

සෝමපාල Tuesday, 25 March 2025 02:20 PM

අල්ලලා ගත්තු දෙන්නා පැවිදි කරපු එක නම් වැරැදියි. පොලිසියට බාරදෙන්න තමයි තිබුනේ. මොනවද ඔය කොලේ පෙන්නන්නේ...?

:       0       4

හේරත් බණ්ඩා Tuesday, 25 March 2025 02:21 PM

කව්ද යකෝ අපේ හාමුදුරුවන්ට කුණුහරුපෙන් බැන්නේ...?

:       0       4

kamal Koyrala Tuesday, 25 March 2025 02:40 PM

නළුවන් යොදලා තව වටයකින් මේ එන්න හදන්නේ...!

:       0       4

Lal Wednesday, 26 March 2025 05:50 AM

මේ ශුද්ධ භූමිය කෙලෙසන ඔබ වහන්සේ ගැන ඇත්තටම හිරිකිතයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 708 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 881 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site