
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වරායේ බහාලුම් 323 ක් ජනාධිපතිවරයාගේ හෝ ඇමතිවරයාගේ හෝ සභාපතිවරයාගේ හෝ බලපෑම මත නිදහස් කර නැතැයි ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය
කිසිවෙකුට හෝ එසේ නිදහස කිරීමට බලයක් නැතැයිද හෙතෙම සඳහන් කළේය.
එවැනි නිදහස් කිරීමක් කර නැති බවත් එවැනි දේවල් කිරීමට ඉඩ නොදෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි
බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.
ඉතිහාසයේ එහෙම කන්ටේනර් නිදහස් කිරීම සිදුවෙලා ඇති. දැන් එහෙම වෙන්නෙ නෑ. කන්ටේනර් ගැන ප්‍රශ්නයක් මතු කරනවා. අපිවත් ඒකට පටලව තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරන ගෙන යනවා. ඒ පරීක්ෂණවලින් පිළිතුරක් ලැබේවි.
වරායේ සිදුවූ මහා පරිමාණ දූෂණ ගැන පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. රාජපක්ෂල වික්‍රමසිංහල වරාය සම්බන්ධව කරලා තියෙන්නේ ජාතික අපරාධ. ආර්ථික ඝාතකයෝ. අද ඒගොල්ලන්ගේ ගෝලයෝ ඉස්සරහට ඇවිල්ලා ඒ ආර්ථික ඝාතකයන් ආරක්ෂා කරනවා. වරායට අලුතින් බඳවාගෙන නැහැ. කන්ටේනර් ගෙන යන ක්‍රේන් ගෙනෙද්දි මහා පරිමාණ වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. නඩුවක් තියෙනවා. ඒ නිසා අපිට පහළොවක් ගේන්න බැරිවෙලා තියෙනවා. වංචාව ඩොලර් මිලියන 18ක්. අපි මේකට සම්බන්ධ අය අධිකරණයට ගෙනියනවා. ඒ ටෙන්ඩරය අවලංගු කළා. අපි අලුතෙන් ඒවා ගන්න ටෙන්ඩර් කෝල් කරලා තියෙනවා. කැබිනට් අනුමැතිය ඇතිව.
දයාසිරි ජයසේකර මහතා:
මේවා ප්‍රභාකරන්ගේ ආයුධ කියලා කියනවා
බිමල් රත්නායක මහතා:
පරීක්‍ෂණවලදී ඒවා එළිවේවි. මෙතුමා තමයි ඒවා දන්නේ මට වඩා. පරීක්ෂණවලින් ඔප්පු කරගන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා සාක්ෂි දුන්නා නම් හරි. මෙතුමා තමයි ඒවා දන්නවා කිව්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරම සත්‍යය...
සත්‍යය සැමදා වසන් කළ නොහැකිය. බොරුව සැමදා ජය ගන්නේද නැත. නරියාට මොන හම පෙරෙව්වක් ඌ කෑ ගසනවිට හෙළිවේ. නිවටයින් රටක් ජාතියක් හෝ සමයක් නැත. උතුරේ සියලු මර්මස්ථාන නැවත අනතුරට දමා, රටට විශාල ගැටළු ඉතිරි කර, රණවිරු ස්මාරක මත වසුරු හෙළා නිවටයින් නික්ම ගිය විට සිහළුන්ට නැවත රට වෙනුවෙන් රුහිර හෙළන්නට වනු ඇත. ඩෝබීන් තවම අසූචි හෝදමින් සිටී...
මේක ලංකා ඉතිහාසේ කෙරුණු නින්දිතම පාවාදීම
වරායේ කාලයක් තිස්සේ ගොඩගැසී තිබුණු කන්ටේනර් මුදා හරින්න කටයුතු කරපු බව දන්නෝ දනිති. හිටපු කුඩු අගමැතියා, එතනෝල් ජොනී වගේ දූෂිත දේශපාලුවන්ගේ බලපෑම් නිසා කන්ටේනර් කොයිතරම් නිදහස් කෙරුවාද කියන එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...
කෝ මේ ඩොබීලා.. ඉජූ ඉජූ...!
හත්පොලේම ගාගෙන ඉන්නේ...
සිහිනෙන් විතරක් බොරු නොකියන...