(ඩයනා උදයංගනී)
බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේ සැලැස්ම ඉදිරි දෙසතිය ඇතුළත සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය, ජී.එල් පීරිස් මහතා පැවසීය.
එම පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රිකක්වල හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් විවෘත කිරීමේ හැකියාවක් මේ වන විට පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
පාසල් ආරම්භ කළ හැකි දිනයන්, ආරම්භ කරන ආකාරය, අනුගමනය කළ යුතු කරුණු ආදිය ඇතුළත්ව මෙම සැලසුම සකස් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අනිද්දා (20) පැවැත්වෙන බව ද අමාත්‍ය ජී.එල් පීරිස් මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනාධිපතිවරයා, සෞඛ්‍ය අංශ බලධාරීන්, අමාත්‍යාංශ ලේකම්, කොවිඩ් මර්දන කාර්ය සාධක බළකා සාමාජිකයින්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිසක් අනිද්දා පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වන බව ද ඇමැතිවරයා පැවසීය.
පෙබරවාරි මාසයේ දෙවන සතියේ සිට මෙරට ජනතාවට කොවිඩ් එන්නත් ලබාදීම ද ඇරඹෙන බැවින් සියලු බලධාරීන්ගේ නිර්දේශ අනුව බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කළ හැකි බව ද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බස්නාහිර පළාත් සිසුන් වෙනුවෙන් පමණක් ලබන 25 වැනිදා පාසල් ඇරඹෙන බව ද ඇමැතිවරයා කීවේය.
2025 ඔක්තෝබර් මස 08
1585
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1378
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
490
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බස්නාහිර පාසල් විවෘත කිරීමේ සැලැස්ම ඉදිරි දෙසතියේ