
(ගයාන් සූරිය ආරච්ච සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවෙකු අද (9) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදේ කුමාර වුට්ලර් මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක් වන අතර එම වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දීම යටතේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම සැකකරු වනාත මුල්ලේ දුමින්ද නැමැත්තාගේ පාර්ශවයේ පුද්ගලයෙකු බවට පොලිසිය සැක පල කරයි.
ක්‍රිකට් තරගාවලියක් සඳහා සහස්‍රපුර සිරිසව උයන ක්‍රීඩාංගණයේ සැරසිලි කටයුතු සිදු කරමින්සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ටී පනස් හය වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 25ක් පමණ එල්ල කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවධනය වී තිබුණි.
එම වෙඩි ප්‍රහාරයෙන් පස්දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයකු මිය ගියේය.
එසේ මියගොස් ඇත්තේ කැලණිය, අකුරු පිටිය පාර පදිංචි මදුශාන් සුගන් නැමැති 28 පුද්ගලයෙකි.
වෙඩි ප්‍රහාරයට ලක් වූ තවත් තිදෙනකු බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
එම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් සොයා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බොරැල්ලේ වෙඩි තැබීමට අයෙක් සැක පිට