IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බොරැල්ල ආයුර්වේදයේ අටමහල් ගොඩනැගිල්ලේ වැඩ මේ වසරේ අවසන්

(අංජුල මහික වීරරත්න)

බොරැල්ල ආයුර්වේද ජාතික රෝහල් පරිශ්‍රයේ අට මහල් ගොඩනැගිල්ලේ වැඩ මේ වසරේ අවසන් කොට එහි ප්‍රතිකාර සේවා අරඹන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.‍

දැනට වසර දහයකට පමණ  පෙර මෙහි ඉදිකිරීම් ආරම්භ විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් නිරීක්ෂණය කළ අතර අදාල ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා රජය  රුපියල් මිලියන 450 ක මුදලක්  වෙන් කර තිබූ අතර මෙවර අයවැයෙන් ද  රුපියල් මිලියන 300 ක මුදලක් වෙන් කෙරිණි.

මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ ඇඳන් ධාරිතාවය 340 කි. මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමේ ඉහළ පහසුකම්වලින් සමන්විතව ස්ථාපිත කර ඇති කාමර ගණන 82 ක් වන අතර  ශල්‍යාගාර, ඖෂධ නිෂ්පාදනාගාර, පංචකර්ම ඒකක, යෝග අභ්‍යාස ඒකක ද මෙයට ඇතුළත් ය.

 

යාපනය, නැගෙනහිර, කොළඹ සහ  යක්කල  යන විශ්වවිද්‍යාල වලින්  ආයුර්වේද, සිද්ධ, යුනානි යන වෛද්‍ය කර්මයන් සදහා අධ්‍යන වල නිරත වන උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂකයන් 600 ක්  වෙනුවෙන් සායනික පුහුණු වීම් සදහා පසුකම් ද   මෙම නව ගොඩනැගිලි සංකීර්ණයේ   සැලසෙනු ඇත.

 

1929 වර්ෂයේ දී ආරම්භ කරන ලද  බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ මේ වනවිට ඇඳන් ධාරිතාවය 216 කි. එහි වාට්ටු සංඛ්‍යාව 11 ක් වන අතර ගෙවන කාමරවලින්  ද යුක්ත වේ.



අදහස් (3)

බොරැල්ල ආයුර්වේදයේ අටමහල් ගොඩනැගිල්ලේ වැඩ මේ වසරේ අවසන්

Anura Monday, 24 March 2025 01:16 PM

අටමහල් ගොඩනැගිල්ලට අපේ සුබ පැතුම්

:       0       4

විමල් Monday, 24 March 2025 07:32 PM

මෙහි දිනකට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව හොයලා කියන්න පුළුවන්ද? මගේ යාලුවෙක් නැවතිලා හිටියා. ඇඳන් බාගෙට බාගයක් හිස්ලු. මහ බොරුවක් කෙරෙන්නේ කියලා කිව්වා. මම දන්නේ නෑ. මට කිව්ව දෙයක්...!

:       2       0

රෙක්ස් Tuesday, 25 March 2025 08:46 AM

ඇත්ත කතාවනම් ආයුර්වේද දොස්තරලා 99% ක්ම තමන්ගෙ පුද්ගලික ඩිස්පෙන්සරිවල දෙන්නෙ ඉංග්‍රීසි බේත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 424 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site