
(රෝෂන් තුෂාර)
එක් පුද්ගලයෙකුට මරු කැඳවමින් තවත් පුද්ගලයින් හත් දෙනකු බරපතල තුවාල සිදු කළ බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ දී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දොඹකර රථයේ රියදුරු අගෝස්තු 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහෙස්ත්‍රාත් එම්.එන්. රිස්වාන් මහතා අද(29) නියෝග කළේය.
අත්අඩංගුවට පත් දොඹකරයේ හිමිකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දොඹකර රියදුරු වන නිමන්ත සේනාධීර නැමැත්තෙකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර දොඹකරයේ හිමිකරුවන මාලන් ශ්‍රී ප්‍රනාන්දු නැමැත්තෙකු ඇපමත මුදා හැරුණි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දක්වූ බොරැල්ල පොලීසියේ නිලධාරීන් කියා සිටියේ, පෙරේදා(28) පෙරවරු 8.45ට පමණ බොරැල්ල කනත්ත වටරවවුම ආසන්නයේ සිදුවූ රිය අනතුර හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයින් හත් දෙනකු බරපතළ තුවාල සිදුව ඇති බවය. අනතුරෙන් යතුරු පැදි 06කට සහ කාර් රථ දෙකකට හානි සිදු වි ඇති බවත් පොලීසිය පැවසීය.
තුවාල ලබා සිටින පිරිස් අතර පොලිස් නිලධාරින් දෙදෙනෙකු හා අල්ලස් කොමිසමට අනුයුක්ත පොලීසිය නිලධාරියකුත් සිටින බවද කරුණු ඉදිරිපත් කෙරිණි.
තුවාලකරුවන් හතර දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් පැවසූ බොරැල්ල පොලීසිය සැකකාර රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය කර ඇති බව කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරිපත් කළ වාර්තාව අනුව තහවුරු වී ඇති බව කිය.
රථයේ ඇන්ජිම පණ ගන්වන ස්විච්චය පමණක් ක්‍රියාත්මකව පැවති බවත් ඇන්ජිම අක්‍රීය කරන ස්විච්චය ක්‍රියාත්මක නොවූ බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.
රථය අධික ලෙස රත්වීම වීම තුළින් තිරිංග ක්‍රියා විරහිත තත්ත්වයට පත්වන බව දැන දැනම සැකකාර රියදුරු රථය මාර්ගයේ ධාවනය කර ඇති බව ද පොලීසිට අධිකරණය දැන් වූ අතර මීටර් දෙසීයක පමණ දුරක සිට රථය තිරිංග ක්‍රියාකාරිත්වයකින් තොරව ධාවනය වී ඇති බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇති බව ද පොලීසිය පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිත කාලයටම රියදුරු බලපත්‍රය අහෝසි කළ යුතුයි !
ලංකාවේ තිබෙන ආර්ථිකය අනුව අපේ රටේ තිබෙන ඉදිකිරීම් සඳහා භාවිතා කරන යන්ත්‍ර අතිබහුතරයක් කබල්...
කාලකන්නි ආණ්ඩුවේ හෙන ගහන බදුනිසා මිනිස්සු ජීවිතෙන් වන්දි ගෙවනවා. ජීවිතේටම බදු ගෙවගෙවා ඉඳලා මෙහෙම මැරිලා යන්න වෙලා තියෙනවා. මොවුන් ගිනි පොලීකාර ලීසිං කොම්පැනි ටිකයි, වාහන සේල් මාෆියාකාරයෝ බේරාගන්න කියලා බදු ඉහළ දැම්මා. දැන් සාමාන්‍ය මනුස්සයෙක්ට හරි හමන් වාහනයක් ගන්න බැහැ.
මෙවැනි බර වාහන පාරට දමන්නට අවසර දිය යුතු කාල සීමාවන් ගේන්න ඕන. උදෑසන 9 සිට හවස 4 දක්වා සහ රාත්‍රි 9 පසු පාන්දර දක්වා. ඒවාට ගමන් කළ හැකි වේග සීමාවක් සහ අයිනේම මංතීරුව පමණක් වෙන් කළ යුතුයි. ලෝකයේ අනෙක් රටවල එහෙමයි.
අලුත් වාහන වලට ගහන අධික තීරුබද්ද නිසා මිනිස්සුන්ට කබල් වාහන භාවිත කිරීමට සිදුවී ඇත. දැනට පාරේ තිබෙන පරණ වාහන තව වසර 4-5 පරණ වනවිට , මෙවැනි අනතුරු දින චරියාවේ සාමාන්‍ය දේවල් බවට පත්වනු ඇත , ගෙදරින් එලියට මනුස්සයා නැවත යහතින් ගෙදර එනවාද කියා දෙවියන් යදිමින් සිටීමට ගෙදර මිනිස්සුන්ට සිදුවනු ඇත
මෙතන යන්නේ වෙන ගේමක් , ඉස්සෙල්ල අනවසරයෙන් හිටපු පුද්ගලයන්ගේ ගොඩනැගිලි ටික ඩෝසර් කරලා උන්ටික එලවල දැම්ම , දැන් ඒකතරා දේශපාලන පක්ෂයකට සමබන්ධ උන් සෙට් එකක් එම ඉඩම් නැවත අල්ලාගෙන බලපත්‍ර හදාගන්නවා